මාර්ගඵල අවබෝධය පිළිබ`දව සමාජයේ විවිධ මත පවතියි. එසේම මාර්ගඵල අවබෝධය සමාජයේ ජනප්‍රිය මාතෘකාවකි. පාලි ත්‍රිපිටක බුදු දහම පිළිබ`දව ගැඹුරු ප්‍රමාණික උගත්කමක් ඇති අය මෙන්ම එසේ නැති අය ද මේ පිළිබ`දව විවිධ අයුරින් දොඩමළු වෙති. නූතන සමාජය විද්‍යාව හා තාක්‌ෂණ අංශ දෙසට නැඹුරු වූ අධ්‍යාපන පසුබිමක් ඇති සමාජයකි. එයට හේතුව ඉංග්‍රීසි භාෂා මාධ්‍ය විද්‍යා තාක්‌ෂණ නැඹුරුවූ වර්තමාන අධ්‍යාපන පද්ධතියයි. එය වෘත්තීය කේන්ද්‍රීය අංශයට නැඹුරු කරවීමට එලෙස සකස් කර තිබේ. පාලි ත්‍රිපිටක බුදු දහම පෙරදිග අධ්‍යාපන පද්ධතිය මත පදනම්ව ඇත. මාර්ගඵල අවබෝධය නම් බෞද්ධ ඉගැන්වීම්වල ස`දහන් අවබෝධයේ ඉතා ගැඹුරු මානසික මට්‌ටමක් වෙත ප්‍රවේශ වීමයි. මේ ගැඹුරු මානසික මට්‌ටම් සංජානනය (perception) නම් තාක්‌ෂණ පදය භාවිත කර අධ්‍යයනය කරනු ලැබේ. සංජානනයේ ක්‍රමික අවස්‌ථා කීපයකි. ඒවා සඤ්ඤා, විඤ්ඤාණ, ඤාණ, ප්‍රඥා ආදී ලෙසට ප්‍රභේද වේ. මෙයින් සඤ්ඤා නම් සංජානනයේ ප්‍රාථමික අවස්‌ථාවයි. එය යමක් පිළිබ`දව ඇති මූලික අවබෝධයයි. නිදසුනක් ලෙස ළදරුවෙකු රුපියල් දහයේ කාසියක් පිළිබ`දව හැඳිනීම මෙනි. විඤ්ඤාණ නම් අවබෝධයේ ඊ ළ`ග අවස්‌ථාවයි. එහි දී සඤ්ඤාව ම`දක් ඉදිරියට ගමන් කරන ආකාරය දැකිය හැකියි. යමක් පිළිබ`දව වූ ද්විතීයික අවබෝධයයි. වැඩිහිටියෙකු රුපියල් දහයේ කාසියක් හැඳිනීම මීට නිදසුනකි.
පංචස්‌කන්ධ විග්‍රහයේ දී වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන සතර වැදෑරුම් නාම ස්‌කන්ධයට මෙය අයත්ය. සාමාන්‍ය පුහුදුන් අයෙකුට ඇති වන අවබෝධය හුදු සඤ්ඤා හා විඤ්ඤාණ අවස්‌ථා ඉක්‌මවා නොයයි. අවබෝධයේ තෘතියික අවස්‌ථාව ඤාණයයි. බැංකුකරුවෙකු රුපියල් දහයේ කාසියක් පිළිබ`දව හැඳිනීම මීට නිදසුනකි. ඤාණ නම් අවස්‌ථාව ද සුතමය, චින්තාමය, භාවනාමය ආදී ලෙස වර්ග වී ඇත. ඉගෙනීම, විභාග සමත්වීම ආදියෙන් ලබන දැනුම අවබෝධය සුත ඤාණයයි. යමක් පිළිබ`දව ඇති වූ පරිකල්පන, නිර්මාණශීලී ආකල්ප චින්තා ඤාණයයි. විධිමත් අධ්‍යාපනයක් නොලැබුව ද සමහරු තුළ විවිධ කුසලතා ඉස්‌මතු වූයේ මේ චින්තා ඤාණය නිසාය. භාවනා වඩා සිත එක්‌තැන්වීම නිසා ඇති වන පැහැදිලිතාව භාවනා ඤාණයයි. භාවනා ඤාණය ද සාමාන්‍ය හා අභිඤ්ඤා ලෙස දෙවැදෑරුම්ය. සාමාන්‍ය භාවනා ඤාණය නම් සිත එක්‌තැන්වීම, සමාධිය ඇතිවීම හා භාවනා අභ්‍යාස නිසා ඇති වන එක දෙයකට ක්‌ෂණිකව මනස යෙදවීමේ හැකියාවයි. මේ අනුව චිත්‍රයක් ඇ`දීම වැනි නිර්මාණශීලි ඕනෑම කටයුත්තක් සිදු කිරීමේ දී ඒ කෙරෙහි ඇති වන පූර්ණ මානසික ඒකාග්‍රතාව එක්‌තරා අයුරකින් භාවනාවක් නිසා ඇති වන මානසික ඒකාග්‍රතාවයට එක් අංශයක සමානත්වයක් දක්‌වයි. භාවනාව ද සමථ හා විපස්‌සනා වශයෙන් දෙවැදෑරුම්ය. මින් සමථ භාවනාව නම් සිත සමාධිගත කිරීමයි. හෙවත් මානසික ඒකාග්‍රතාවය දියුණු කිරීමයි. විපස්‌සනා භාවනාව නම් ප්‍රඥාව අවදි කිරීමයි. සමථ භාවනාවේදී සිත එක අරමුණක තැබීම මෙන්ම එම අරමුණ කුසල අරමුණක් වීම ද වැදගත්ය. මේ අනුව සමථ භාවනා කිරීමේ දී හුදෙක් මානසික ඒකාග්‍රතාව පමණක් නොව කුසල් අරමුණ වැඩීමක්‌ද වේ. නමුදු ලෞකික කාර්යයක නිරතවීමේදී ඇතිවන මානසික ඒකාග්‍රතාව කුසල් අරමුණක් වීමට හෝ මධ්‍යස්‌ථ අරමුණක් වීමට හෝ අකුසල් අරමුණක් වීමට හෝ ඉඩ තිබේ. චිත්‍රයක් ඇ`දීම වැනි කලා කටයුත්තක නිරතවීමේ දී ඇතිවන චිත්ත ඒකාග්‍රතාව කුසල් හෝ මධ්‍යස්‌ථ අරමුණක් වීමට ඉඩ තිබේ. අ`දිනු ලබන්නේ විහාරස්‌ථානයක හෝ ආගමික කටයුත්තකට සම්බන්ධ චිත්‍රයක් නම් එය කුසල සහගත එකාග්‍රතාවකි. නමුත් චිත්‍රය කෙනෙකුගේ කාම, කෝප හෝ මෝහ හැ`ගීම් අවුලූවාලන එකක් වී නම් එය අකුසල සහගත ඒකාග්‍රතාවක් වේ. භූමි දර්ශනයක් බ`දු යමක් නම් උපේක්‌ෂා සහගත බවක් ඇත.
අභිඤ්ඤා නම් අතීන්ද්‍රිය හැකියාවයි. මෙය දිබ්බ චක්‌ඛු, දිබ්බ සෝත, පුබ්බේ නිවාසානුස්‌මෘති, පරචිත්ත විජානන, සෘද්ධි විධ ආදී වශයෙන් විවිධ ප්‍රභේදයක්‌ට අනුව වර්ගීකරණය වී තිබේ. මානව මොළයේ සුවිශේෂී හැකියා ඇත. නමුදු සාමාන්‍ය අවස්‌ථාවලදී මානව මොළය මේ සුවිශේෂී හැකියා අනුව ක්‍රියාත්මක වීම ස`දහා සුසරවී නැත. යමෙකු අභිඤ්ඤා ලැබීම යනු මනසේ ඇති මෙම සුවිශේෂී හැකියා සුසර කර ගැනීමයි. සාමාන්‍ය අවස්‌ථාවලදී මෙම සුවිශේෂී අතීන්ද්‍රිය හැකියා සුසර නොවේ. ඊට හේතුව එබ`දු අතීන්ද්‍රිය හැකියාවක් ක්‍රියාත්මක වීමට තරම් දියුණු ආකල්ප පසුබිමක් මනසේ ඇති නොවීමයි. භාවනාවේ ඊළ`ග අවස්‌ථාව නම් විදර්ශනා භාවනාවයි. මෙම විදර්ශනා භාවනාව සතර සති පට්‌ඨාන, සප්ත විශුද්ධිය, සප්ත බො-Cධංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ප්‍රඥා භාවනා වැඩීම ලෙස හැ`දින්වේ. වෙනත් ආගම්වල හා බුදු දහම අතර ඇති ප්‍රධාන වෙනස ඉස්‌මතු වන්නේද මේ විදර්ශනා භාවනාව නිසාය. බුදු දහමෙන් පිටස්‌තර වෙනත් කිසිදු ආගමක හෝ දර්ශනයක මෙම විදර්ශනා භාවනා ක්‍රමවේදය දක්‌නට නැත. නමුත් සමථ භාවනා ක්‍රම ලෝකයේ බුදු කෙනෙකු පහළ වීමට පෙර පවා පැවතී තිබේ. එ් හේතුව නිසාම විදර්ශනා භාවනාවට බෞද්ධ භාවනාව යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. මෙහි සුවිශේෂී බව නම් විදර්ශනා භාවනාව ස`දහා අරමුණ වශයෙන් තබා ගන්නා කායානුපස්‌සනා, වේදනානුපස්‌සනා, චිත්තානුපස්‌සනා හා ධම්මානුපස්‌සනා යන සතර සතිපට්‌ඨාන කමටහන කුසල්, ක්‍රියා හා ප්‍රඥා අරමුණු වශයෙන් සැලකිය හැකි බැවිනි. මෙහි දී ක්‍රියා යනුවෙන් අර්ථ දක්‌වන දේ පිළිබ`දව පැහැදිලි කළ යුතුය. අකුසලයට වඩා කුසලය උසස්‌ය. කුසලයට වඩා ක්‍රියා උසස් වේ. වඩාත් උසස් වූ නමුත් කුසල් වශයෙන් සැලකිය නොහැකි දේ මෙහි දී ක්‍රියා නමින් හැ`දින්වේ. සම්මා සම්බුදු, පච්චෙක බුද්ධ හා අර්හත් ඵල සිත් සියල්ල ක්‍රියා වේ.
විදර්ශනා භාවනාව සාර්ථක වන අවස්‌ථාව එළැඹි කළ විදර්ශනා ඤාණ පහළ වේ. මේවා සංස්‌කාර ධර්මතා ත්‍රිලක්‌ෂණ වශයෙන් දකින බැවින් ඤාණ නමින් හැ`දින්වේ. එහි දී ලෝක විෂයට අයත් වන සංස්‌කාර ධර්මතා පිළිබ`දව භාවනානුයෝගියා තුළ ඇති වන අවබෝධය සාමාන්‍ය ලෝක සම්මුතියට වඩා උසස් දැනුමක් වන බැවින් එම අවබෝධය ඤාණ යි. ඤාණය ද ලෞකික හා ලෝකෝත්තර වශයෙන් වර්ගීකරණය වේ. විපස්‌සනා ඤාණ ඇතිවීමෙන් පසු ලෝකෝත්තර ඤාණ ඇතිවේ. එනම් මාර්ගඵල ඤාණ හටගැනීමේ අවස්‌ථාවයි. මෙයින් ද සතර මාර්ග ඤාණ කුසල්ය.
සතර ඵල ක්‍රියාය. පඤ්ඤා වශයෙන් හ`දුන්වන්නේද මේ අවසාන අවස්‌ථාව වේ. යමෙකුගේ අවබෝධය සංවර්ධනය වීම පඤ්ඤාව දක්‌වා ගමන්කරයි. අවබෝධයෙහි උපරිම අවස්‌ථාව වන පඤ්ඤාව තෙක් ගමන්කළ උතුමා සුවිශේෂී පුද්ගලයෙකි. හෙතම ලෞකිකත්වයෙහි සිට ලෝකෝත්තරත්වය දක්‌වා අවබෝධය උසස් කර ගත්තෙකි. නිදසුනකින් මෙය පැහැදිලි කළහොත් රුපියල් දහසේ කාසිය පිළිබ`දව ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු තුළ ඇතිවන අවබෝධය වැනිය. නමුදු ඒ නිදසුන වුවද අවබෝධය පැහැදිලි කිරීම ස`දහා 100 % ක්‌ම නිවැරදි නැත. මුදල පිළිබ`දව ආර්ථීක විද්‍යා මහාචාර්යවරයෙකුට ඇති අවබෝධය සහ ළදරුවෙකුට ඇති අවබෝධය අතර ඇති පරතරය, සංස්‌කාර ධර්ම පිළිබ`ද පුහුදුනෙකු තුළ ඇති අවබෝධය සහ අර්හත්වයට පත්වූ උතුමෙකු තුළ ඇති අවබෝධයට සමානුපාතිකව සැලකිය හැකිය.
පුහුදුන් පුද්ගලයා තමන්ගේ ඉන්ද්‍රිය සංජානනවලට සීමාවී කොටුවී ලෝකය ග්‍රහණය කර ගන්නා මුත් අර්හත් උතුමා ස්‌වකීය ඉන්ද්‍රිය සංජානනවලින් බැහැරවී උපේක්‌ෂකව සිහි ඇතිව යථාර්ථ ග්‍රහණයකර ගනියි. බුදු දහම පිළිබ`දව ආචාර්ය උපාධියක් යමෙකුට ලැබිය හැකිය. එය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසාන කෙළවරයි. නමුදු එම දැනුම පවා ඉහතකී අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂයේ ප්‍රාථමික අවස්‌ථාව වත් නිසි වටහා ගැනීමට අපොහොසත්ය. දැනුම එකකි. අවබෝධය තවත් දෙයකි. මේ අතර විශාල පරතරයක් තිබේ. නමුදු අවාසනාවට කරුණ නම් යමෙකු බුදු දහම පිළිබ`දව තර්කානූසාරි වීමට හදිසි වනුයේ මේ සුත දැනුම පවා නොමැතිවය. සමථ භාවනා අභ්‍යාස කර ලැබිය හැකි අවබෝධය එකකි. විදර්ශනා භාවනා අභ්‍යාස කර ලැබිය හැකි අවබෝධය ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. යමෙකුට සුත දැනුම හා විදර්ශනා භාවනා අභ්‍යාස යන දෙකම තිබේ නම් යම් පමණකින් හෝ න්‍යායාත්මකව අවබෝධය පිළිබ`දව ඉහතකී තත්ත්ව වටහාගත හැකිය. අවුරුදු 47ක පරිණත පුද්ගලයෙකු වන මා ජීවිතයේ විශාල කාල පරිච්ඡේදයක් ඉහත කී සුත දැනුම ලැබීමට හා විදර්ශනා භාවනා අභ්‍යාස වැඩීමට කාලය මිඩංගු කර ලැබූ ප්‍රායෝගික අවබෝධය නිසි පරිදි වචන භාවිතා කර භාෂා මාධ්‍යයෙන් වෙනත් අයෙකුට ඒ අයුරින්ම වටහාගත හැකි ලෙස ප්‍රකාශ කිරීමට තවම අසමත්ය. මා කියන්නට උත්සාහ කරන්නේ එය වුවද එය නිසිලෙස කළහැකි වේදැයි කීමට අපොහොසත්මි. බොහෝවිට වනුයේ මා ප්‍රකාශ කරන්නට වෑයම් කරන දේ අන්‍යයන් වරදවා වටහාගැනීම හා ඔවුන් විසින් වරවා වටහාගනු ලැබූ දේට සිතෙන පරිදි දොස් නැ`ගීම පමණකි. එහි දී මම ද තවත් එක් කෂාය බිවූ ගොළුවෙක් බවට පත්ව ඇත්තෙමි.
ඒ අතර සාමාන්‍ය සමාජයේ දහමේ හරයට නොව ව්‍යාජ ලේබල්වලට ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. ඒ අනුව රහතන්වහන්සේ, මාර්ගඵලලාභියා, බුද්ධත්වය, බෝධිසත්ත්වයා වැනි ආගමික වචනවලට ඇති ඉහළ ඉල්ලුම හා ලාභසත්කාර ප්‍රයෝජන සලකා එවැනි පද ලේබල් ලෙස යොදාගෙන අවභාවිතයේ යොදවා මුදල් උපයාගැනීමේ ව්‍යාපෘති ද දැකගත හැකිය. මෙබ`දු විෂයන් පිළිබ`දව සාකච්ඡා කිරීමට ඔබ අවබෝධයට පත්ව ඇත්දැයි ප්‍රශ්න කරනුයේද එසේ ප්‍රශ්න කරන්නාගේ ලේබල්වලට ඇති ප්‍රියතාව නිසාය. එසේ ප්‍රශ්න කරන්නන් සිතන්නේ මේ විෂය පිළි`දව කතාකිරීමට නම් මම අවබෝධය ලැබීමි යෑයි ලේබල් එකක් අලවාගත යුතුයෑයි කියාය. පූර්ණ අවබෝධය යන වචනයද ලේබල් එකකි. එසේ අවබෝධය ලැබීම යන ලේබල් එක අලවා නොගෙන වුවද අවබෝධයට පත් කෙනෙකුට විසිය හැක. සත්‍ය වශයෙන්ම පූර්ණ අවබෝධයට පත්වූ අය සිටින්නේ නම් ඇත්තේ ලේබල් අලවාගත් අය අතර නොව එලෙස ලේබල් අලවා නොගත් අය අතරය. මන්ද එසේ ලේබල් අලවාගැනීමේ අවශ්‍යතාවක් මමත්වය දුරු කළ උතුමන් තුළ නොමැති බැවිනි. පූර්ණ අවබෝධයට පත්වූ උතුමෝ ලේබල් අලවා නොගෙන නිදහසේ විමුක්‌ති සුවයෙන් විසීම රුචි කරති. එබැවින් ලේබල්කරුවන් ජනප්‍රියව ඇත්තේ ලේබල් ප්‍රියකරන පුහුදුන් ලෞකික ලෝකයා අතරය. සතර සතිපට්‌ඨාන වඩා ස්‌වකීය සකන්ධ පංචක වෙනත් අවශේෂ ස්‌කන්ධ පංචකවලින් වෙන්කර නොසලකා මධ්‍යස්‌ථව,සිහි,නුවණ ඇතිව තමන්ගේ ස්‌කන්ධ පංචකය කෙරෙහි පවා මම මාගේයෑයි මමත්ව ග්‍රහණයෙන් තොරව පිටස්‌තරව සැලකිය හැකි නම් එය අවබෝධයෙහි උපරිම අවස්‌ථාව ලෙස දැක්‌විය හැකිය. තමන්ගේ කයට, සිතට අරමුණු වන ඉන්ද්‍රිය සංජානන කායානුපස්‌සනාවේදී භෞතිකව ද වේදනානුපස්‌සනාවේදී සංවේදන (sens) ලෙස ද චිත්තානුපස්‌සනාවේ දී හැ`ගීම්, වි`දීම්, ආවේග (affective) ලෙස ද ධම්මානුපස්‌සනාවේදී ධර්මතා ලෙස ද දකිමින් සියුම්ව පිරික්‌සුම් නුවණ හා සිහියෙන් අඛණ්‌ඩ නිරීක්‌ෂණයට ලක් කෙරේ. මින් ලැබෙන ප්‍රතිඵලය සියල්ල මානසිකව බැහැරකර සැලකීමේ මානසික හුරුව ඇතිවීමයි. අවිද්‍යාව හා තණ්‌හාව බැහැරකිêම සම`ග විද්‍යාව හා පඤ්ඤා ආලෝකය ඇති වේ. අවබෝධය මඳ පමණකට වත් වැඩී නැති කෙනෙකුට මේවා හුදු වචන පමණකි. යම් පමණකට හෝ භාවනා අභ්‍යාස වඩා හුරු පුරුදුකම් ඇති අයෙකුටම මෙහි ඇති ගැඹුර මැනවින් වටහාගත හැකිය. මෙබඳු කරුණු කෙනෙකුට වටහා ගැනීමටද අසීරු තරමට විවිධ අය තුළ ඇති ආකල්ප හා අවබෝධයේ මට්‌ටම් වෙනස්‌ය. සියලු සත්වයෝ ධර්මාවබෝධය ලබා උතුම් වූ අකාලික නිවනින් නිවී සැනසේවා.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤