ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

දකින්න! ශීලයෙන් භාවනාවට දෙන ජවය

'සතර අපායෙන් මිදෙමු' - 74 කොටස
භාවනාවට පෙර III



පිංවත් ඔබ භාවනාවට යොමුවන්න ඕනේ මොන තරම් පෙර සූදානමකින්ද. පෙර සූදානම කියන්නේ, නාලා පිරිසිදු වේලා, ඇල්වතුර වීදුරුවක්‌ බිලා, වේගයෙන් හුස්‌මක්‌ අරගෙන, දොර ජනෙල් ඇරලා..... කියන කාරණා නොවේ. මේවාත් අවශ්‍ය තමයි. වඩාත් වැදගත් වෙන්නේ, කුමක්‌ උදෙසාද අපි භාවනා කරන්නේ, කුමක්‌ නැති කිරීමට ද භාවනා කරන්aනේ කියන කාරණාවත්, පංචනිවරණ යනු කුමක්‌ද? ඒවා ඔබ වෙන් වශයෙන් හඳුනා ගත්තාද?

කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්ධච්ඡ, කකුක්‌ච්ඡ, විචිකිච්චා කියන කාරණාවල ස්‌වභාවය, හඳුනාගෙන භාවනාවට යොමු වෙන්න. එසේ නොවුණහොත්, ඔබ භාවනා කරන කාලවේලාවේදී වැඩි වශයෙන් වැඩෙන්නේ ඉහත මාර ධර්මයන්මයි.

භික්‌ෂුවට හමු වූ තරුණ දරුවන් පිරිසක්‌ භික්‌ෂුවගෙන් විමසුවා මේකෙන් ගැලවෙන හැටි කියලා දෙන්න කියලා. ඒ දරුවන් පාවිච්චි කළ වචන ටිකයි ඉහත සඳහන් කලේ. කාගෙන් ගැලවෙන හැටි ද මේ දරුවන් අහන්නේ? බ්‍රහ්මයෙක්‌, දෙවියෙක්‌, යක්‌ෂයෙක්‌ගෙන්, ගැලවෙන හැටි ද මේ දරුවන් අහන්නේ? අපිට ගැලවෙන්න තිබෙන්නේ මේ කාගෙන්වත් නොවේ. ඔබලා තුළම සකස්‌වෙන්නා වූ තෘෂ්ණාවෙන්. දුකට හේතුවන තෘෂ්ණාව තමා තුළම තබාගෙන, භික්‌ෂුවගෙන් අසනවා මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. මේ දරුවන් අවංකවමයි මේ ප්‍රශ්නය ඇසුවේ. එහෙම නම් ඇයි මේ ප්‍රශ්නය අසන්නේ ?

චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනුම අඩු නිසා. ඒ වෙලාවේ භික්‌ෂුව එම දරුවන්ට ප්‍රකාශ කළා චතුරාර්ය සත්‍යයේ දුක කියලා කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරදේව, දුක්‌ඛ දෝමනස්‌ස, උපායාස, පංච උපාදහස්‌කන්ධ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්‌වීමේ දුක, මේ සියල්ලම දුක නම් මේ දුක සකස්‌ වෙන්නේ ඔබලා තුළම නෙAද? දෙවැනුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දුකට හේතුව තෘෂ්ණාව කියලා. දුක තමා තුළ නම් සකස්‌ වෙන්නේ දුකට හේතුව තෘෂ්ණාවත් තමා තුළම නේද සකස්‌ විය යුත්තේ? තුන්වන ආර්ය සත්‍යය, 'දුකෙන් මිදීම' කියන්නේ තෘෂ්ණාවෙන් මිදීම, කියන කාරණය. දුකත් තමා තුළම නම් සකස්‌ වෙන්නේ දුකට හේතුව තෘෂ්ණාව, තමා තුළම නම් සකස්‌ වන්නේ දුක නැති කිරීමට තෘෂ්ණාව නැති කළ යුත්තේ තමාම නේද? එහෙම නම් තෘෂ්ණාව නැති කිරීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ යුත්තෙත් තමාම නේද? එහෙම නම් චතුරාර්ය සත්‍ය තමා තුළින්ම නේද ක්‍රියාත්මක විය යුත්තේ. එනිසා ඉහත ධර්මයන් භාවනාවට පෙර නුවණින් හැකිතාක්‌ මෙනෙහි කරන්න. එවිට ඔබට හැකි වේවි ලෝකයෙන් ඔබව හුදකලා කොට තබාගන්න. ඔබ අත්විඳින දුකේ දිග පළල දකිමින් දුක සකස්‌වීමට හේතු වන තෘෂ්ණාව, කෙලෙස්‌ බරිත සිතුවිලි, නුවණින් හඳුනාගෙන බැහැර කොට දමන්න.

මේ කාර්යය ඔබට පහසුවෙන් කරගැනීමට හැකියාව ලැබෙන්නේ ඔබ ශීලයට ඔබේ ජීවිතය තුළින් ලබාදී ඇති වටිනාකමේ ප්‍රමාණය මතයි. ඔබ ශීලයෙන් දුර්වල නම් ඉන්ද්‍රිය සංවරයක්‌ ගැන සිතාගැනීමටවත් නොහැකි වනු ඇත. මෙවැනි අවස්‌ථාවක ඔබ කළ යුතුව ඇත්තේ බුදු ගුණ භාවනාවට වැඩිපුර යොමු වෙමින්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දියුණු කරගනිමින් ශීලයෙන් ශක්‌තිමත් වීමට උත්සාහ ගැනීමයි. මේ ධර්ම මාර්ගයෙන් අර්ථවත් අවබෝධයක්‌ ලබාගැනීමට ඔබට අවශ්‍ය නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ අනුපිsළිවෙලට මාර්ගය වඩන්න දක්‌ෂ වෙන්න. ඔබ ආහාර ගන්න කොට හැම ව්‍යාංජනයකින්ම ටික ටික බෙදාගෙන රස බලනවා වගේ, හැම දෙයකින්ම ටික ටික කරන්න යන්න එපා. හේතුඵල ධර්මයන්ට යටත්වයි ධර්මයේ සෑම පියවරක්‌ම සකස්‌ වෙන්නේ. ඔබ තුළ සමාධියක්‌ සකස්‌ නොවේ නම්, එය කමටහනේ වරදක්‌ නොව, ශීලයේ දුර්වලතාවයකි. සමාධියට ඔබ තවම සූදානම් නැහැ කියන කාරණයයි.

ධර්ම සාකච්ඡාවකදී පැමිණි පිංවතුන් සියලු දෙනාම ප්‍රශ්න යොමු කළේ භාවනාව සම්බන්ධව, භාවනා කිරීමේදී ඇති වන ගැටලු සම්බන්ධව, නමුත් එක මහත්මයෙක්‌ පමණක්‌ ප්‍රශ්න තුනක්‌ යොමු කළා ශීලය සම්බන්ධව. පංච ශීලයට අදාළවයි එම ප්‍රශ්න තුනම. නමුත් එතන සිටිය අනෙක්‌ පිංවතුන්ට පෙනුනේ එම ප්‍රශ්න ප්‍රාථමික ගනයේ ප්‍රශ්න හැටියට. මොකද ශීලය ගැනනේ කතා කළේ. භාවනාව ගැන නොවේ. නමුත් ඉහත පිංවතුන්ගෙන් භික්‌ෂුව වඩාත් පසසන්නේ, ගරු කරන්නේ, ශීලය පිළිබඳව ප්‍රශ්න කළ පිංවතාම, මොකද ශීලය පිරිසිදු කොටගෙන, නිරවුල් කොටගෙන, අහවර වෙලයි, භාවනාවක්‌ අර්ථවත් වෙන්නේ. එතනයි භාවනාවේ ජයග්‍රහණය සඳහා සමාධිය සකස්‌ වෙන්නේ. සමාධිමත් සිතයි යහපත් අයහපත් දෙකම විදර්ශනාවට ලක්‌ කොට දෙන්නේ. 

යමෙක්‌ ශීලය ශක්‌තිමත් කිරීමට උත්සුක වෙනවා නම්, යම් දවසක ඔහු සමාධිය එතුළින් මතු කොට ගන්නවා. යම් දවසක ඔබ සතර අපායෙන් මිදෙනවා කියන්නේ ශීලය, ආර්යකාන්ත ශීලය හැටියට ආරක්‍ෂා වෙනවාය කියන කාරණයයි. ආර්යකාන්ත ශීලයට පැමිණි කෙනා සිල් පදයක්‌ බිඳීම දකින්නේ පිරිසක්‌ මැද නිර්වස්‌ත්‍රව සිටීමටත් අන්ත අන්ත දෙයක්‌ විදිහටයි. ඒ නිසා කැඩුනු ශිල් පදය වහා නිවැරැදි කරගන්නවා. වැරැද්ද දකිමින් නැවත නොබිඳෙන ආකාරයෙන් නිවැරදි වෙනවා. සතර අපායෙන් මිදුන පිංවතා තුළින් සාමාන්‍ය කෙනෙකුට වඩා අර්ථවත් ආකාරයෙන් ශිල් පද ආරක්‍ෂා වෙන්නේ. පානාතිපතා වේරමණී ශිල් පදය ඔහුගෙන් අර්ථවත් වෙන්නේ. මම නැවත සතර අපායන්ට වැටී හරකෙක්‌ එළුවෙක්‌, කුක-=ළෙක්‌ මාළුවෙක්‌ ලෙස මැරුම් කන්නේ පීඩාවට ලක්‌ වන්නේ නැහැ කියන අර්ථයෙන්. එම විශ්වාසයෙන්. රහතන් වහන්සේ නමකගෙන් මුසා වාදා වේරමණී ශිල් පදය ආයාසයකින් තොරවම ආරක්‍ෂා වෙන්නේ, මේ ලෝකයේ ලොකුම බොරුව වන, ලෝකය සැපය කියන මුසාවාදය නොකියන, ලෝකය පංච උපාදායකත්වය දුකයි කියන අර්ථයම ප්‍රකාශ කරන උත්තමයා හැටියට. රහතන් වහන්සේ තුළින් අදින්නාදානා වේරමණී ශිල් පදය ආයාසයකින් තොරවම ආරක්‍ෂා වෙන්නේ අර්ථවත් වෙන්නේ මේ රූපය මට අයිති නැහැ, රූපය නිසා සකස්‌ වෙන ඵස්‌ස වේදනා සංඥා සංඛාර විඤaඤdණය මගේ නොවෙන නිසා හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌ වුණ රූපයක්‌, ඇසක්‌, කනක්‌, මගේ කියා අන්සතු දෙයක්‌ මගේ කර ගන්නේ නැහැ කියන ඉහළම අර්ථයකින්.

පිංවත් ඔබ හොඳින් හිතලා බලන්න, අපි සියලු දෙනාම, මගේ කියලා අයිති කරගෙන සිටින, බැඳිලා සිටින, ඇස, කන, දිව, නාසය, මනස, කය ඔබේම නොවේ නේද? ඔබට අයිති නැති දෙයක්‌ ඔබ අයිති කරගෙන සිටින්නේ. ඔබට අයිති නැති ඵස්‌ස වේදනා සංඥා සංඛාර විඤaඤdණ ධර්මයන් ඔබ ඔබේ කරගෙන සිටින්නේ. ඒක තමයි මේ ලෝකයේ තිබෙන බරපතළම සොරකම. මේ සොරකම නිසා නේද ඔබට සංස්‌කාර හේතුවෙන් භවයට රැගෙන යන බරපතළ වැඩ සහිත අත්හිට වූ සිරදඩුවම් නියම වෙන්නේ.

රහතන් වහන්සේ නමකගෙන් කාමේසුමිච්චාචාර වේරමණී ශිල් පදය ආරක්‍ෂා වෙන්නේ, කාමය තිබෙන්නේ රූපය තුළ නොවේ, රූපය කෙරෙහි සකස්‌කොට ගන්නා වූ තෘෂ්ණාව නිසාය කියන කාරණය අවබෝධ කොට ගෙන, අනිත්‍ය භාවයට පත් වෙන රූපය, රූපයේ ස්‌වභායෙන් තිබීමට ඉඩහැර අනිත්‍ය වූ දෙයක්‌ කෙරෙහි ඇති තෘෂ්ණාව තමා තුළින් ක්‌ෂය කිරීමෙන්ය.

රහතන් වහන්සේට ඇසක්‌ ඇත. බාහිර රූපය අරමුණුවනු ඇත. එහෙත් තෘෂ්ණාව නැත. ඵස්‌සය සිදුවෙද්දීම රහතන් වහන්සේ අනිත්‍ය දකිනු ඇත. ශිල් පදවල ආශ්චර්යවත් අර්ථය, පිංවත් ඔබව ඔසවා තබන ලෝක ධාතුවේ උත්තරීතර අවබෝධයේ විජයග්‍රහණයන් ගැන භාවනාවට පෙර ඔබ මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමෙන් ඔබට අයිති ආජීව අශ්ඨමක ශීලය අර්ථවත්ව රැක ගැනීමට යොමු වන්න. ශිල් පදවල අර්ථයන්ට ඇති දුරස්‌භාවය දකිමින් එම දුරස්‌භාවය අහෝසිකර ගැනීමට වීර්ය ගන්න.

පිංවත් ඔබ බිරිඳට, ස්‌වාමිපුරුෂයාට, දරුවන්ට දේපළට ඇති බැඳීම, ඒවා ආරක්‍ෂා කරගැනීමට දරන විර්යයට වඩා ශක්‌තියක්‌ ශීලය ආරක්‍ෂාව උදෙසා යොමු කරන්න. ඔබත් එවැනි ආශ්චර්යවත් උත්තමයෙක්‌ වෙනවාය කියන අධිෂ්ඨානය ඇති කරගන්න. අනිත්‍ය අකුසල් සංස්‌කාර, ඔබේ අයෝමය විර්යයෙන් ශක්‌තිමත් කරගත් කුසල් ශක්‌තිය යොදාගනිමින් යටපත් කොට දමා, තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ශීලයේ ශක්‌තියෙන් භාවනාව උදෙසා නැගී සිටින්න. ඔබ තුළ සකස්‌කොටගත් ෙච්තනාව, විඤaඤdණයේ හැඩ රුව සකස්‌ කොට දෙන බව හොඳින් දකින්න. භික්‌ෂුව මේ සටහන් කරන්නේ තවත් කතාවක්‌ නොව පිංවත් ඔබට භාවනාවට (පෙර) පූර්වකෘතියක්‌ බව නුවණින් දකින්න.....

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
අකුසලය යටපත් කරන්න
අමනුෂ්‍යයා අනිත්‍ය ලෙස දකින්න
'සතර අපායෙන් මිදෙමු' - 75 කොටස
භාවනාවට පෙර දා IV

භික්‍ෂුව හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක්‌ ප්‍රකාශ කළේ තමන් තරුණ කාලයේ කර්මය, කර්මඵලය ගැන නොදැනීම නිසා, විවාහ වූ අලුත අනවශ්‍ය පිළිසිඳගැනීමක්‌ යෑයි සිතා, දරුවෙක්‌ ගබ්සා කෙරූ බවත්, එම සිද්ධිය දැන් නිරතුරුවම මතකයට නැගෙන බවත්ය.

එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එම සිද්ධිය ඔබලාගේ මනසට නිතර පැමිණෙනවා නම් එය භයානක බවයි. මොකද යම් දවසක තමන් මියයන මොහොතේ, එවැනි ප්‍රබල අකුසලයක්‌ මතකයට පැමිණීමේ ප්‍රවණතාව වැඩි නිසා. භික්‍ෂුව එම වයෝවෘද්ධ දෙපළට ප්‍රකාශ කළේ, ඔබ දෙපළ වර්තමානයේ හොඳින් තෙරුවන් සරණ පිහිටා ශිල්පද ආරක්‍ෂාකරගෙන ජීවත්වන නිසා, එම ශක්‌තිය උපයෝගී කරගෙන අතීත අකුසලය යටපත්කොට දමන ලෙසයි. 

එහෙත් එම යුවල ප්‍රකාශ කරනවා, කොතෙක්‌ අමතක කරන්න උත්සාහ කළත් එය මතකයට එනවා කියලා. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එසේනම් ඔබලා එම අකුසලය යටපත් කිරීම සඳහා ඊට වඩා ශක්‌තිමත් කුසලයක්‌ සිදුකරගන්නා ලෙසයි. ඔබ දෙදෙනා ළමා රෝහලට ගොස්‌ එහි නේවාසිකව ප්‍රතිකාරගන්නා මරණාසන්න තත්ත්වයේ දරුවන් කිහිපදෙනෙක්‌ වරින් වර තෝරාගෙන, එම දරුවන් මරණයෙන් බේරාගැනීමට අවශ්‍ය බෙහෙත්, ප්‍රතිකාර, සියලු වියහියදම් දරන්න කියලා. ඔබේ උත්සාහයෙන් එම දරුවන් මරණයෙන් බේරාගත්තාට පසුව, තමන් මරණයට පත්වීමට ගිය දරුවෙක්‌ බේරාගත්තාය කියලා ඔබ තුළ ඇතිවන ශක්‌තිමත් කුසල් සිත ප්‍රයෝජනයට ගෙන, දරුවෙක්‌ ගබ්සා කළාය කියලා ඔබේ මතකයට නැගෙන අතීතයේ සිදුවූ කර්මය යටපත් කර අමතක කර දමන්නය කියලා. 
ෙච්තනාවයි කර්මයට මුල්වෙන්නේ. අතීත අකුසල් කර්මය, වර්තමාන කුසල් කර්මයෙන් යටපත් කළාය කියනා ෙච්තනාව ඇතිකරගැනීමට ඔබ දක්‍ෂ වෙන්න කියලා. එවැනි මරණාසන්න දරුවන් මරණයෙන් බේරාගෙන ඔබ අදාළ පිංකම කළාට පස්‌සෙත්, ඔබලා අතින් සිදුවූ එම අකුසලය නැවත, නැවත මතකයට ගන්නවා නම් ඒ ඔබේ අදක්‍ෂභාවයයි. එම නිසා අතීත අකුසල්, වර්තමාන කුසල් ධර්මයන්ගෙන් යටපත්කොට නැගී සිටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. සෑම විටම ෙච්තනාවේ හැඩරුව අනුවයි විඤ්ඤාණය සකස්‌වෙන්නේ කියන කාරණය පැහැදිලි කරදෙන්නයි ඉහත කාරණය සඳහන් කළේ. 

සමහර පිංවතුන් සිටිනවා අතීතයේ තමන් අතින් සිදුවූ වැරදි ගැන පසුතැවෙන අය. අතීතයේ කළ වැරදි ගැන පසුතැවීමෙන් තව තවත් අකුසල්මයි සිදුවන්නේ. එනිසා ඔබ දක්‍ෂවෙන්න, හැකිතාක්‌ කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත්කොට දමන්න. මෙතැනදී ආනන්තරීය පාපකර්ම ඇතුළුව යටපත් කිරීමට නොහැකි අකුසල් තිබෙනවා. ඔබ අතින් සිදුවූ කුමන අකුසල් කර්ම තිබුණද, දැනුවත්ව හෝ අනවබෝධය නිසා ඇති වූ වරදවල් තිබුණද, වෙච්ච දේ ගැන, අතීතයට ගිය දේ ගැන පසුතැවිලි නොවී වර්තමානයේ නිවැරදිව ජීවත්වෙන්න දක්‍ෂවෙන්න. 

භාවනා කිරීමට යොමුවන පිංවතුන් අතීතයේ සිදුවූ සිදුවීම්, ක්‍රියාකාරකම් නිරතුරුවම මතකයට ගලාඒමෙන් සිත විසිරෙනවා. පිංවත් ඔබ ශීලයෙන් ශක්‌තිමත් නම්, ඒ කියන්නේ ඔබ තුළ ඉන්ද්‍රිය සංවරය තිබෙනවා. හිරි ඔතප් දෙක තිබෙනවා. මෙතැනදි 'හිරි ඔතප්' කියන්නේ ඔබ සතර අපායට වැටෙන්නට තිබෙන ලැඡ්ජා බය දෙක. භාවනාවක්‌ සාර්ථක කරගැනීමට ඉහත කාරණය අත්‍යවශ්‍ය වෙනවා. මෙතැනින් තමයි සංසාර බය සකස්‌කර දෙන්නේ, භවයෙන් ගැලවිලා යන්නට. සතර අපායේ නැවත උපතක්‌ ලැබුවොත්, එය මොනතරම් දුකක්‌ද, ලැ-ජාවක්‌ද, කුමන ගැලවීමක්‌ද? 

මේ දුක ගැන නුවණින් මෙනෙහි කරමින් අසංවර ඔබේ සිත භාවනාවට පෙර නිශ්චල කරගන්න. අතීතයේ ඔබ හරකෙක්‌, ඌරෙක්‌ ලෙස ඉපදිලා, අනුන් ඔබව මරාගෙන කෑ හැටි, ප්‍රේතයින් හැටියට උපත ලබලා, නිර්වස්‌ත්‍රව, කුසට අහරක්‌ නැතිව, ශරීරය කුණුවෙලා, වනවෙලා.... , ඉඩකඩම්වලට තෘෂ්ණාවෙන් බැඳිලා, මරණින් මතු එම ඉඩමේම ගල් ප්‍රේතයින්, බහිරවයින්, භූත ගෙම්බන් ලෙස ඔබත් මමත් ගත කළ ජීවිත ගැන මෙනෙහි කරන්න. නිරයට වැටී, ගින්දර, ලෝදිය, ගිනි අඟුරු මතින් ඔබව දැවුණු පිච්චුණු හැටි මෙනෙහි කරන්න. මේවා ගැන ඔබ ලැඡ්ජාවෙන්න එපා. එහෙම ල-ජාවක්‌ ඔබට සකස්‌වුණහොත් එයට කියන වචනය, ලැ-ජාව නොව 'සක්‌කාය දිට්‌ටිය ' බව හොඳින් නුවණින් දකින්න. යමෙක්‌ තුළ සක්‌කාය දිට්‌ටිය සකස්‌වෙනවා නම් ඔහු හෝ ඇය, තවම මාරයාගේ අත්සන් සහිත සතර අපායේ බදු ගිවිසුම අහවර නොකළ කෙනෙක්‌ බව සිතන්න. සතර අපායේ අයිතිය පිළිබඳ බදු ගිවිසුම පස්‌ අවුරුදු හෝ අනූනව අවුරුදු බදු ගිවිසුම් නොව, කල්ප ගණන් දීර්ඝ කාලයක්‌ සඳහා ලියන බදු ගිවිසුම්ය. එහි 'බදුදෙන්නා' වශයෙන් මාරයාත්, 'බදුගන්නා' වශයෙන් ඔබත් අත්සන් කොට ඇත. මෙය තවත් නිරවුල් වශයෙන් කියනවා නම්, මාරයා වශයෙන් ඔබ තුළ ඇති ජන්ද රාගයත්, එම ජන්ද රාගය නිසා ඔබ තුළ ඇතිවන සක්‌කාය දිට්‌ටිය බදුකරු වශයෙනුත් දැක්‌විය හැකිය.

සතර අපායේ සත්ත්වයා විඳින දුක ගැන අවබෝධයකින් තොරව, සතර අපායෙන් මිදීම යනු ප්‍රශ්නාර්ථයකි. තිරිසන්, ප්‍රේත, නිරය, අසුර ලෝකයේ දුක්‌ විඳින සෑම සත්වයෙක්‌ම, පෙර ජීවිතයකදී ඔබත් මමත් වැනි මනුෂ්‍යයෙක්‌ම බව සිහිපත් කරගන්න. ඔබ තිරිසන් සතෙක්‌ දුටුවහොත් එම තිරිසන් සතාගේ රූපය තුළින් දුසිල්වත් මනුෂ්‍යයෙකුගේ රූපයක්‌ සිතින් මවාගන්න දක්‍ෂවෙන්න. ඔබ ප්‍රේතයකුගේ රූපයක්‌ දුටුවහොත්, මසුරුබවින් යුත් මිනිසකුගේ රූපයක්‌ එම රූපය තුළින් මතුකරගැනීමට දක්‍ෂවෙන්න. 

මේවා භාවනාව ක්‍රමවත්ව වඩවා ගැනීමට අවශ්‍ය උපක්‍රමය. මේ උපක්‍රම මාරයාට එරෙහිවමය. සමාජයෙන් ආශ්වාදය නැමැති සුදු පිරුවටයෙන්, මාරයා, සතර අපාය ඔබෙන් වසන්කොට, සතර අපායේ ජීවත්වන ප්‍රේත රූප, අමනුෂ්‍ය රූප පෙන්වා ඔබව නොමග යවනකොට, එම සුදුපිරුවටය විනිවිද සතර අපායේ අනතුර දැකීමට ඔබ දක්‍ෂ විය යුතුය. සමාධි භාවනාවේදී ඔබට හමුවෙන අමනුෂ්‍ය රූප, රූපයේ අනිත්‍ය දකිමින්, ඇති වූ ස්‌වභාවයෙන්ම අනිත්‍යභාවයට පත්වීමට ඉඩහරින්න. එම අමනුෂ්‍ය රූපයන් කෙරෙහි ආශ්වාදයක්‌ සකස්‌කොටගන්න එපා. සමහර පිංවතුන් එම අමනුෂ්‍ය රූප දැකගැනීමට හැකිවීම ආශ්වාදයක්‌ ලෙසින් ගෙන එම ආශ්වාදයේ බැඳී,සතර අපායේ ජීවත්වෙන සත්වයෙක්‌ නිසා භාවනාවේ සැබෑ අර්ථය අහිමිකරගන්නවා. 

භාවනා කරන විට ඔබට දර්ශනය වන අමනුෂ්‍ය රූප, බොහෝ අවස්‌ථාවල ඔබ නොදන්නා වූ අතීත ජීවිතවල ඥාති ප්‍රේතයින්. ඔබ එම ප්‍රේතයින් කවුරුන්දැයි කියා නොදන්නවා වුණත් එම ප්‍රෙAතයින් ඔබව දන්නවා. ඒ අය සතර අපායේ ජීවත්වන පිං මඳ පිනට අකමැති පිරිසක්‌. ඒ පිනට අකමැති ප්‍රේතයින් කැමති නැහැ ඔබ භාවනා කරනවට. ඔබ සතර අපායෙන් මිදෙනවට. එම ප්‍රේත පිරිස්‌ උත්සාහගන්නේ තම ඥාති පිරිසත් තමන්ගේ ගොඩටම ඈඳාගන්නයි. ඔබ ඒ අයගෙන් මිදී සුගතියට යනවට ඒ අය කැමති නැහැ. එම නිසා මෙවැනි අමනුෂ්‍ය රූප මාරයා වශයෙන් හඳුනාගෙන, අනිත්‍ය දැකීමට ඔබ දක්‍ෂ විය යුතුයි. එසේ නොවුන හොත් එම අමනුෂ්‍ය පිරිස්‌ නැවත නැවත විවිධ ප්‍රේතයන් ඔබ ඉදිරියට පමුණුවනු ඇත. මෙම ක්‍රියාවන් ධර්මය නොදන්නා අමනුෂ්‍යයන්ගේ අසත්පුරුෂභාවයන්ය. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණ නම් අමනුෂ්‍යයෙකුට ඔබට කළහැකි දෙයක්‌ නොමැති බවට ධර්මයේ නාමයෙන් ඔබ තුළ විශ්වාසයක්‌ තිබිය යුතුය. හැබැයි එම ශීලය තණ්‌හා, මාන්න, දිට්‌ට්‌වලින් අපිරිසිදු නොවිය යුතුය. මෙවැනි කරුණු නිරාකරණය කරගැනීමට අදාළ පිංවතා තුළ නිහතමානීකම අත්‍යවශ්‍යයෙන් තිබිය යුතුය.
ඉන්ද්‍රජිත් සුබසිංහ



මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....

භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා...
'සතර අපායෙන් මිදෙමු' - 76 කොටස
භාවනාවට පෙර දා v

සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්‌තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක්‌ ලෙස මතක්‌ කරන්න.

මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ නිවාසානුස්‌සති ඥානය ඇතිවෙනවා. ඒ කියන්නේ පෙර ආත්මභාවය දැකීමේ ඥානයයි. තමා ඉපදී සිටි පෙර ආත්මභාවයන් දැකීමේ ඥානය. තමා ඉපදී සිටි පෙර ආත්මභාවයන් සිහිවීමේ ඥානය. එම ඥානය තුළින් අරමුණු වෙනවා. අතීත භවයන්හිදී තමා තිරිසන් සතුන් වශයෙන් ඉපදී හරකුන්, ඌරන්, එළුවන්, කුකුලන් වශයෙන් ඉපදී මිනිසුන් තමාව මරාගෙන කන හැටි, හිස ගසා දමන හැටි, මනුෂ්‍ය ජීවිතවල ඉපදිලා රාජ දඬුවම් නිසා අත පය හිස කපා දමා ලා අනතුරුවලට ලක්‌වෙලා ශරීරය කුඩුවෙලා, යුද්ධ වලට මැදිවෙලා කපා කොටාගෙන මියගිය හැටි....

භවය කියන්නේ ලේ සාගරයක්‌ය, කඳුළු සාගරයක්‌ය කියන කාරණය මේ ඥාන දර්ශනය තුළින් දකිනවා. මෙන්න මේ අතීත බිහිසුණු කථාව පූර්වේ නිවාසානුස්‌සති ඥානය තුළින් අරමුණුවෙද්දී තමයි ඔහු තුළ සප්ත බෝඡ්ජග ධර්ම සකස්‌ වෙන්නේ. සංසාරය පුරාවට අත්විඳි අතිබිහිසුණු ඛේදවාචකය අරමුණු වෙනකොට ඔහු තුළ සංසාර ගමනේ මෙතෙක්‌ තමා තුළ ඇති නොවුණ සති, ධර්මවිජය, වීර්ය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි, උපේක්‍ෂා ධර්මයන් ඇතිවෙනවා. අතීත භවයන් හිදී අත්විඳි අති බිහිසුණු දුක අරමුණු වෙනකොට තමයි භව නිරෝධය සාක්‍ෂාත් කිරීමට අවශ්‍ය වීර්යය සකස්‌කොට දෙන්නේ. නමුත් මේ මොහොතේ තමා තුළ වැඩෙන්නේ පූර්වේ නිවාසානුස්‌සති ඥානය කියලා ඔහුට දැනීමක්‌ නැහැ. එම ඥානය ලැබෙයි කියලා බලාපොරොත්තු වුණෙත් නැහැ. පූර්වේ නිවාසානුස්‌සති ඥානය ගැන ඔහුට පෙර දැනීමක්‌ තිබුණෙත් නැහැ. එකම අරමුණයි ඒ මොහොතේ තිබෙන්නේ. ඒ භව නිරෝධය පමණමයි. 'ඇලීමකින් ගැටීමකින් තොරව අවසාන හුස්‌ම පිටවේවා ¾ ' කියන කාරණය. ඔහු තුළ ඇලීම් ගැටීම්වලින් තොර උපේක්‍ෂාව කියන මට්‌ටමට සිත සමාධිමත්වයි පවතින්නේ. සතිය සිහිය, අරමුණ කෙරෙහි හොඳින් විවෘතව පවතිනවා.

මේ මොහොත වෙන කොට ඔබ පැහැදිලි තීරණයකට ඇවිත් සිටින්නේ. එක්‌කෝ භව නිරෝධය, නැතිනම් මරණය කියන කාරණයයි. මේ තීරණයේදීම ඔහුට සියයට අනූවකින් භවය අතහැරිලා. නමුත් කුමක්‌දෝ තැනකින් තවමත් බැඳීමක්‌ පවතිනවා කියලා ඔහුට දැනෙනවා. කුමක්‌දෝ කුඩා රැහැනකින් ඔහුගේ ජීවිතය ලෝකයට බැඳී තිබෙනවාය කියලා. මේ මොහොතේදී ඔහුට ශක්‌තිමත් විශ්වාසයක්‌ සකස්‌ වෙනවා. මේ ව්‍යායාමයේදී දානය නැතිවීම හෝ වෙනත් භාහිර අනතුරකින් ජීවිතය නැතිවුණොත් මරණයට තත්ත්පරයකට හෝ පෙරාතුව නියත වශයෙන්ම භව නිරෝධය සාක්‍ෂාත් කරගන්නා බවට. මේ විශ්වාසය ගොඩනගන්නේ ඔහු තුළ සකස්‌වෙන සති ධම්මවිජය බොඡ්ජංගයයි. මෙතැනදී තමයි අයෝමය වීර්යය සකස්‌කොට දෙන්නේ. මේ වීර්යය තුළින් සිද්ධ කරන්නේ භවයට බැඳී ඇති තෘෂ්ණාව සිඳ දැමීමට ඔහුව මෙහෙයවීමයි. ඔහු මනුෂ්‍ය ලෝකය තුළ දිව්‍ය තල, බ්‍රහ්ම තලවල ස්‌ථිර වූ නිත්‍ය සැපයක්‌ නොමැති බව ඉතාමත් සියුම්ව නැවත, නැවත මෙනෙහිකොට බලනවා. මනුෂ්‍ය ලෝකයේ කෝටි ප්‍රකෝටිපතියන් රජවරු සිටුවරු ජනනායක වරු කලාකරුවන් දෙස්‌ විදෙස්‌ වශයෙන් ඥාති නොඥාති වශයෙන් ජරා ව්‍යාධි මරණයන්ට පත් වී අසරණව මියයන හැටි විදර්ශනා නුවණින් විනිවිද දකිමින් ඉතා සියුම් ආකාරයට මෙනෙහි කරනවා. අතීත භවයන්හිදී තමාද මේ සැප අත්විඳ දුකට වැටුණ අන්දම සිහිකරනවා. මෙහෙම දකිමින් මනුෂ්‍ය ලෝකය තුළ ඉඳිකටුතුඩක තරම්වත් උපාදානයක්‌ සකස්‌ නොවන තැනට සතිය සිහිය යොමුකොට බලනවා. මොකද මනුෂ්‍ය ලෝකය කෙරෙහි ඉඳිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ සකස්‌ වුනොත් ඊට අදාළ උපාදානය සකස්‌වෙන නිසා. තමා තුළින්ම මනුෂ්‍ය ලෝකය කෙරෙහි ඉඳිකටු තුඩක තරම්වත් උපාදානයක්‌ නැතැයි කයලා අවබෝධයෙන් ප්‍රත්‍යක්‍ෂව දකිනවා.

දෙවැනිව ඔහු දිව්‍ය තලවල සශ්‍රික බව අත්විඳින දෙවියන්, දිව්‍යාංගනාවන් ගැන මෙනෙහි කරනවා. දිව්‍ය සැපයේ අනිත්‍ය බව, සශ්‍රික දෙවියන් දිව්‍යාංගනාවන් කල්ප ගණන් දිව්‍යතලවල ජීවත් වුවද එම පින අහවර වෙනකොට ඔවුන් අත්විඳින දුක වේදනාව, දිව්‍යලෝකවලින් පිං අහවර වී චුතවන දෙවිවරුන් නගන අඳෝනා විලාපයන් නුවණින් සිහිකරනවා. දිව්‍ය සළු කිළිටි වෙලා පැහැපත් ප්‍රභාශ්වර දඹරන් පැහැ දිව්‍ය ශරීර දහඩියෙන් තෙත් වෙලා, අවපැහැගැන්විලා නේකවර්ණ සළුපිළි, නේකවර්ණ මානික්‍යයන් ඔබ්බවපු ඔටුණු දුර්වර්ණව යන හැටි, කාමච්ජන්දයන්ගෙන් ප්‍රමාදභාවයට පත්ව සිටි දෙවියන් දිව්‍යතලවලින් චුත වන මොහොතේ ගැටෙන සිතෙන් නැවත සතර අපායන්ට වැටෙන හැටි නුවනින් මෙනෙහි කරනවා. මෙසේ මෙනෙහි කරමින් දිව්‍යතල කෙරෙහි ඇති උපාදානය නැතිකොට ගන්නවා. අවසානයේදී දිව්‍යතලවල සශ්‍රික දෙවියන්, ශක්‍ර දෙවියන්, සුජම්පතී බිසව අරමුණට ගන්නවා. ඔවුන් විඳින්නා වූ අප්‍රමාණ සශ්‍රිකභාවය නුවනින් දකිමින් ඒවාද අනිත්‍යභාවයට පත්වී එම ශක්‍රදෙවියන්ද, එම පිරිසද නැවත සතර අපායට වැටෙන අයුරු මෙනෙහි කරනවා. නැවත නැවත ඉතා සියුම්ව බලනවා ඉඳිකටු තුඩක තරම්වත් ඉඩක්‌ කෙරෙහි තෘෂ්ණාවක්‌ තමා තුළ දිව්‍ය තල කෙරෙහි බැඳීමක්‌ සකස්‌වෙනවාද කියලා. මොකද දිව්‍ය සැපයේ අග්‍රම සැපය වන ශක්‍රයා කියන සැපය කෙරෙහි අල්පෙනෙති තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ තිබුණොත් ඒ කෙරෙහි උපාදානය සකස්‌වීමට පුළුවන් නිසා.

මේ දේවල් ඔහුට පෙළඹවීමකින් තොරව තමා තුළ වැඩෙන සතිය සිහිය විසිනුයි සිදුකරන්නේ . වීර්යය සතියට උපකාර කරනවා. මේ සිද්ධිය මෙනෙහි කරනකොට ධර්මවිජය බෝඡ්ජíගයමයි. වැඩෙන්නේ. පස්‌සධිය, සමාධිය සියල්ල විනිවිද දැකීමට උපකාරී වෙනවා. ඊට භාහිර දෙයක්‌ ඔහුට මේ මොහොතේ නැහැ. මොකද නිවීම කියන අරමුණ කෙරෙහි සතිය බලවත්.

ඔහු මනුෂ්‍ය ලෝකය දිව්‍යතල කෙරෙහි අල්පෙනෙති තුඩක තරම්වත් උපාදානයක්‌ තමා තුළ නොමැති බව අවබෝධකරගත් පසු මනුෂ්‍ය දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ඔහුගෙන් ක්‍ෂය වෙලා සප්ත බොඡ්ජංග ධර්ම හරහා වැඩෙන ප්‍රඥාව විසින් තමාට ඒ බව තහවුරුකොට දෙනවා. මේවා සියල්ල හේතුඵල ධර්මතාවයන්.

ඊළඟට ඔහු බ්‍රහ්ම තල පීර පීරා බලනවා. රූපී අරූපී මාර්ගඵලලාභී බ්‍රහ්මයින් වැඩ සිටින මේ කොයියම් බ්‍රහ්ම ලෝකයක හෝ ස්‌ථිර, නිත්‍ය වූ සැපයක්‌ තිබෙනවාද කියලා. එකලාව එරමිනියා ගොතාගෙන සමාධිය වඩන මාර්ගඵල ලාභී බ්‍රහ්මයින් ගැන මෙනෙහි කරනවා. ඉතා සියුම් මීදුමක්‌ සේ ශරීරයක්‌ සහිතව එරමිනියා ගොතාගෙන සමාධිය වඩන අරුපී බ්‍රහ්මයින් මෙනෙහි කරනවා. අරූපී බ්‍රහ්මයන්ගේ කය, ඝනභාවයෙන් තොර සියුම් මීදුමකින් වගෙයි හැදිලා තිබෙන්නේ. රූපයක්‌ නැහැ කීවාට රූපය තිබෙනවා සැඟවිලා. සමාධි සැපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා සමාධිය නිත්‍ය, ස්‌ථිරභාවයෙන් දකින බ්‍රහ්මයින්ගේ අවිµd සහගත සිත ඔහු නුවණින් මෙනෙහි කරනවා. බ්‍රහ්මයා මේ සා සමාධියෙන් පරිපූර්ණ වුවත්, තෘෂ්ණාව සත්වයාට අත්කරදෙන ප්‍රමාදීභාවය දකිමින් ආර්ය ආෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වූ සත්ත්වයාගේ ප්‍රමාදය දකිමින් බ්‍රහ්මතල කෙරෙහි ඇති කැමැත්තෙන් මිදෙනවා. සතර අපායෙන් නොමිදුණු රූපී, අරූපී බ්‍රහ්ම තලවල බ්‍රහ්මයින් බ්‍රහ්ම සැප අනිත්‍ය වී නැවැත සතර අපායට වැටෙන අයුරු ඔහු නුවණින් දකිනවා.

අවසානයේ ඔහු බ්‍රහ්මයා කියන සැපය කෙරෙහි අරමුණු කරනවා. මහා බ්‍රහ්මයා මේ ලෝක ධාතුවේ ලොකුම සැපය ලෙසින් හැඳින්වුවත් ඔහුද අවිද්‍යාව තුළ ජීවත්වන්නෙක්‌ බව මෙනෙහි කරනවා. අවිද්‍යාව යම් තැනකද එතැන දුක බව දකිනවා. මහා බ්‍රහ්මයාද සතර අපායෙන් මිදී නොමැතිනම් බ්‍රහ්ම සැප අවසන්වීමෙන් පසු සතර අපායට වැටීමේ අවදානමෙන් ඔහු මිදී නැති බව නුවණින් දකිනවා. මෙසේ දකිමින් මහා බ්‍රහ්මයා කියන සැපය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන්ද මිදෙනවා. නමුත් නැවත නැවත සියුම්ව අවධානය යොමු කරනවා අල්පෙනෙති තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ බ්‍රහ්ම තල කෙරෙහි තිබෙනවාද කියලා. ස්‌ථිර වශයෙන් නිත්‍ය වශයෙන් බ්‍රහ්ම තලවල සැපයක්‌ නොමැති බව අවබෝධයෙන් දකිමින් බ්‍රහ්මතල කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙද්දී භික්‍ෂුවගේ සිත පිහිටන්න වෙන තැනක්‌ මේ ලෝක ධාතුව තුළ නැහැ. මොකද මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මතල කෙරෙහි ඇති ජන්දරාගය අවබෝධයෙන්ම සිඳුන නිසා. ඒ සිත පිහිටන්නේ ලෝකයෙන් මිදුන නිවීම තුළයි. භව නිරෝධය තුළයි. භික්‍ෂුවගේ ඉහත නිවීමේ මෙහෙයුම සිදුවන මුළු රාත්‍රිය පුරාවට එම භික්‍ෂුව පුද්ගලික අරමුණුවලින් මිදිලයි ඉන්නේ. කොටින්ම භික්‍ෂුවට තමා ගැන දැනීමක්‌ නැහැ. අනිත්‍ය කියන ධර්මය හැර වෙන ධර්මතාවයක්‌ මෙනෙහි වෙන්නේ නැහැ. භව නිරෝධය නැතහොත් මරණය කියන කාරණා දෙක අතරයි භික්‍ෂුවගේ සිත දෝලනය වෙන්නේ. මේ ඉහත අර්ථය තමයි, චිත්තය තමයි අරමුණ සාක්‍ෂාත්කොට දෙන්නේ.

ජීවිතය අතහැරලා භව නිරෝධය කියන අරමුණ පසුපස සප්ත බෝඡ්ජíග ධර්මයන් වැඩෙද්දී මාරයා බියට පත්වෙනවා. මොකද භික්‍ෂුව භව නිරෝධය නැතිනම් මරණය කියන කාරණය ස්‌ථිර අධිෂ්ඨානයක්‌ හැටියටයි සපථ කරගෙන සිටින්නේ. මන්ද තමා තුළින්ම සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධය සමගයි තමා ගනුදෙනු කරන්නේ. ජූරිය, විනිශ්චය තමා තුළමයි තිබෙන්නේ. එම නිසා වංකවෙලා මෙතැනදී මාරධර්මයන් පරාජය කරන්න බැහැ. තමා දන්නවා තමා කරන්නේ බොරුවක්‌ බව. මෙතැන තමයි වර්තමානයේ බොහො දෙනෙක්‌ වරද්දගන්නා තැන. එම නිසා අවංකභාවය ඇත්තවශයෙන්ම තිබිය යුතුයි. මෙය සටහන් කරන භික්‍ෂුවටත් පිංවත් ඔබටත් භව නිරෝධය සාක්‍ෂාත් කර ගැනීමට නම් නිවීමේ මෙහෙයුමේ අවසාන අදියරේදී 'භව නිරෝධය, නැතිනම් මරණය' කියන අධිෂ්ඨානයට ස්‌ථිරවම එන්න වෙනවා.

භික්‍ෂුව මේ මොහොත් නොදන්නවාට භික්‍ෂුව තුළින් ඉහත වැඩුණේ නිවීම උදෙසා අත්‍යවශ්‍ය සත්තිස්‌බෝධිපාර්ශ්වික ධර්මයන්ය. නිවීම උදෙසා අරමුණ ශක්‌තිමත් නම්, අවංකභාවය තිබේනම් රූපයේ අනිත්‍යභාවය ඉහළ සමාධිතලයකදී ඔබ අවබෝධ කර ඇතිනම් මෙම ධර්මතාවයන් හේතුවෙන් ආයාසයකින් තොරවම හේතුඵල ධර්මතාවයන්ට අනුව සත්තිස්‌බෝධිපාර්ශ්වික ධර්මයන් ඔබ තුළ වැඩෙමින් ඔබව මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් එතෙර කරවනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

සදහම් සඟරා - Online