ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සැමදා විද්‍යමාන නිවන් මඟ යන්නේ මෙසේයි

ඔබට බෞද්ධයකු වශයෙන් ලැබිය හැකි උතුම් ම ඵලය වූ නිර්වානය සාක්ෂාත් කර ගැනීමට නිසි මඟ මෙයයි. පෙර ඔබ පුරැදු කළ දහම් මඟ යළිත් යන්නට හෝ මෙතෙක් ඔබ උත්සාහ නොකළ එම ධර්ම මාර්ගයේ යන්නට තවත් කල් නොදමන්න. එම ධර්ම මාර්ගයෙන් ඔබට ලගා කරගත හැකි ප්‍රතිඵලය අසම සම වේ. අති දුර්ලභ මේ අවස්ථාව ලබන්නට ඔබ සිදු කර ඇති පින ද අසම සම වේ. මේ නිසා ඔබ නුවනින් සිතා බුද්ධිමත්ව වර්තමානයේ ක්‍රියා කරයිද ඔබ මෙලොව වෙසෙන වාසනාවන්තම පිරිස අතර සිටින අති දුර්ලභ පුණ්‍යවන්තයෙකි. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිතයට පුරැදු කළ යුතු පින් සිතුවිළි පසකි.
1. ශ්‍රද්ධාව 
2. සීලය
3. ශ්‍රත
4. ඡාග - දානය
5. ප්‍රඥා
මෙයින් රැස් කරන කුසලයෙන් ඔබට ඔබ කැමති දිව්‍ය - බ්‍රහ්ම ලෝකයක හෝ මේ මනුලොව ඉපිද ඔබට සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ ධර්ම මාර්ගය සම්පූර්ණ කර ගැනීමට මහඟු ඉඩක් ඇත.
by Daham Vila

දහම් පර්යේෂණය

රම්භයේ දී දුෂ්කර වුවත් ඇලීම් ගැටීම්වල නිසරැබව නුවනින් හඳුනාගෙන නිවැරදිමඟ අනුගමනය කිරීමේ දී එම මඟ පහසුය, සැහැල්ලුය, සැනසුම්දායකය. මතු නිවනට මාර්ගය ද වේ.

මමය, මාය, මගේය යන්නෙන් මිදෙන්න.

තමන්ගේ ක්‍රියා කලාපය නිසා සතෙක් මරණවා නම් සහ තමන්ගේ ක්‍රියා කලාපය නිසා සතෙක් මැරෙණවා නම් ඉන් මිදෙන්න උත්සාහකරන උතුමන් හඳුනාගන්න. එය ඔබේ මතු නිවන් මඟට පිටුවහලකි.


තම තමන් මනසින් සිතා හරයක් නැති ලෝකය තුළ හීන දහම් හඳුනාගෙන ඉන් මිදී ප්‍රණීත දහම් පුහුණු කර නිවන් මඟ අනුගමනය කරන්න. වීර්යෙන් සිහියෙන් උත්සාහ කරන්න.

හීන දහම්      -     දස අකුසල් කරයි නම්, කරවනවා නම්, අනුබල දෙයි නම් ඒවා හීන දහම් වේ.

මධ්‍යම දහම්  -     ජීවිත පැවැත්මට අත්‍යාවශ්‍ය ක්‍රියා, යුතුකම්, වගකීම්.

ප්‍රණීත දහම්   -     අනිසි ලෝකයේ රාග, ද්වේශ, මෝහ දුරැ කරන ආර්ය මඟ.

දහම් දෙසුම (පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ)
by Daham Vila

නියත මිත්‍යා දෘෂ්ථීය


ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ  මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත. මේ නිසා ඔබ ලද වටිනා  මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගන්න. 


නියත මිත්‍යා දෘෂ්ථි
නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදීම මියයෑම පිළි ගැනීම.

නියත මිත්‍යා දෘෂ්ථිය
නුවනින් නිවැරදි මඟ දැනගන්න

by Daham Vila

රහතන් වහන්සේලා

බුදුන්රජානන්වහන්සේගේ බුද්ධ දේශනා අකාලිකය. ඵල සහිතය. මේ නිසා සෑම කල්හිම අවබෝධය පිණිස බුද්ධ දේශනා විවෘතය. අවශ්‍ය වන්නේ ඒ මඟ ගමන් ගන්නන්ය. මේ නිසා ධර්මය අනාවෘතව ඇති තාක්කල් එහි ගමන් කිරීමට පුද්ගලයින්  සිටී නම් මගඵලලාභීන්ගෙන් හිස් නොවේ. මෙහි ඇති වැදගත් ම කරැණ වන්නේ මාර්ගඵල ලැබූ උතුමෙක් එය තැන තැන කිය කියා නොයෑමයි. මගඵල ලැබූ විටදි තමන් ලබාගන්නා ලද ප්‍රතිඵලය ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කරනු විනා නිස්සාර සසරේ නොඇලෙයි. සියළු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේලා තවත් කෙනෙකුගේ ධර්මය කෙරේ පැහැදීම ඇති කරවනු පිණිස හැර කිසිවිට ඒ ගැන හෙළි නොකරයි. මේ නිසා අවශ්‍ය වන්නේ රහතුන් සොය සොයා කාලය වැය නොකොට තමන් ලද වාසනාවන්ත මිනිස් දිවිය අවසන් වන්නට පෙර නිවන් මඟ ගමන් කිරීමයි. එමඟින් ඔබට සසර ගමන කෙටිකර ගැනීමට වගේ ම සතර අපායෙන් මිදීමට උපකාර වේ. යම්ලෙසකින් කිසියම් හෝ ඵලයක් ලබන්නට මේ භවයේදී  ඔබට නොහැකි වුවහොත් මතු භවයක් සදහා එය උපනිෂය වේ. එබැවින් ඔබේ උත්සාහය කිසිවිට අපතේ නොයයි.
by Daham Vila

ආශ්චර්ය ධර්ම

1. කවරෙකුටවත් බුදුවරයන් වහන්සේලා ඝාතනය කළ නොහැක.
2. බුදු වන භවයේ දී බෝධිසත්වයෝ උපන් විගස පියවර කිහිපයක් ගමන් කරති.
3. බුදු වීමට විවරණ ලැබූ සියල්ලෝ ම සම්මා සම්බුදු හෝ පසේ බුදු වී සසර ගමන කෙලවර කරති.


හේතු ඉදිරිපත් කල නොහැකි සිදුවීම්

1. කිසිවිට එකම කාලවකවානුවක බුදුවරැන් දෙදෙනෙක් පහළ නොවෙති.
2. බුද්ධ ශාසනයක් පවතින තාක් පසේ බුදුවරැ පහළ නොවෙති.
3. බෝසතුන් ඉපිද සත් දිනෙන් මව මිය යයි.
4. බෝසතුන්ගේ මාතාව ඊලඟ භවයේ දී පිරිමි ආත්මයක් ලබයි.
5. බුදුන්වහන්සේ ප්‍රශ්න කරන ලදුව තෙවරක්ම පිළිතුරැ නොදුනේද ඔහුගේ හිස සත් කඩකට පැළෙයි.
6. බුදුන්වහන්සේගෙන් වැදුම් ලදොත් ඔහුගේ හිස සත් කඩකට පැළෙයි.
7. කිසිවෙක් ආනන්ද හිමියන් ඉදිරියේ උන්වහන්සේ දේශනා කරන ලද සද්ධර්මය අසද්ධර්මයැයි කිවහොත් ඔහුගේ හිස සත් කඩකට පැළෙයි.
8.  රහත් වීමෙන් පසු දින හතකට වඩා ගිහිගෙයි නොසිට ගිහිගෙයින් නික්මෙයි. එක්කෝ පිරිනිවනි පායි.
9. සෝවාන් වූ උතුමන් මෙලොවට එන්නේ සත් වරක් පමණි. එම කාලය තුළ සසර දුක් කෙළවර නිවනට පත් වේ.
by Daham Vila

නිවන සැමදා විද්‍යමානය

වර්තමානයේ ද මාර්ගඵල ලැබිය හැකිය* යන විශ්වාසය කෙනෙකුට ඇතිවන්නේ එම පුද්ගලයාගේ පෙර පින ක්‍රියාත්මක වීමකි. යමෙකුට සත්‍යාවබෝධය පිණිස එම සිතුවිල්ල මහඟු පිටුවහලකි. ඒ සඳහා කැමැත්ත ඇති වීම පෙර පින මෙලවදී ඵලදීමකි. අද ද මාර්ගඵලලාභීන් ඇති අතර එවන් උතුමන් නැති කල සම්බුද්ධ ශාසනයේ වැදගත් ම කොටස අතුරැදහන් වූවා සේ සැලකේ. ඇතැමෙක් අපායක් නැත. දෙව්ලොවක් නැත. අපායත් දෙව්ලොවත් යන දෙලොව ම ඇත්තේ මනුෂ්‍ය ලෝකයේමැයි පවසමින් මිථ්‍යාදෘෂ්ථීයේ එල්බගෙන මරණින් මතු දුගතිගාමී වන අයුරින් කටයුතු කරත්.

මගඵල ලැබීමට භාවනාව මිස වෙනත් මඟක් නැතය යන්න පසුකාලීනව ඇති වූ දුර්මතයකි. ධර්මය ඇසීම නිසා සෝවාන් වූ බොහෝ දෙනෙක් එතැනට පත්වූයේ
1. ධර්මය අසා සැක දුරැ කර ගැනීම.
2. තෙරැවන ගැන අචල සද්ධාවක් ඇති කර ගැනීම.
3. සියල්ල අනිත්‍ය බව අවබෝධයෙන් දැන ගැනීම.
4. සියල්ල ඇතිවී නැතිවී යන බව අවබෝධ කර ගැනීම ආදී හේතූන් නිසා ය.


උතුම් වූ සෝවාන් ඵලය*
සෝවාන් ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ
සෝවාන් ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ හදුනාගන්න

1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොසැලෙන භක්තිය.
2. ධර්මය කෙරෙහි නොසැලෙන භක්තිය.
3. මගඵල ලාභී ශ්‍රාවක සඟරුවන කෙරෙහි නොසැලෙන භක්තිය.
4. ආර්යකාන්ත සීලය.

         ආර්යකාන්ත සීලය යනු පංච සීලය නිසි අයුරින් රැකීමය. මේ නිසා භය වෛරය ඇති නොවේ. එමෙන්ම පංචානෙන්තරිය පාප කර්මයන් සිදු කරනු ලැබීම හෝ නියත මිථ්‍යා දෘෂ්ටියට හසුවීම කිසිලෙසකින් සෝවාන් ඵල ලාභී පුද්ගලයා අතින් සිදුනොවේ. ඔහු සතර අපායෙන් සදහටම නිදහස් වූ කෙනෙකි. (නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය = සතර අපාය) තවදුරටත්...

පුරාතන ඉන්දියාවේ ආගමික පසුබිම හා බුදුදහම, සෝතාපත්ති ඵලය හෙවත් සෝවාන් ඵලය


සකෘදාගාමී ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ

1. සෝවාන් ඵලයට පත් උතුමන් සතු සියළු ලක්ෂණ ඇත.
2. සමාධිය තරමක් වැඩී ඇත.
3. ප්‍රඥාව තරමක් වැඩී ඇත.
4. කාමයට ඇති ආශාව අඩු වී ඇත.
5. කෝපය අඩු වී ඇත.
6. ශ්‍රද්ධාව අඩු වී ඇත. (නිවනට ලං වෙත්ම  ශ්‍රද්ධාව අඩු වී ප්‍රඥාව වැඩී යනු ඇත.)

අනාගාමී ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ

1. සෝවාන් ඵලයට සහ සකෘදාගාමී ඵලයට පත් උතුමන් සතු සියළු ලක්ෂණ ඇත.
2. සමාධිය හොඳින් වැඩී ඇත.
3. ප්‍රඥාව  හොඳින්  වැඩී ඇත.
4. කාමයට ඇති ආශාව නැත.
5. කෝපය හට නොගනී.
6. ශ්‍රද්ධාව තවත් අඩු වී ඇත. (නිවනට ලං වෙත්ම  ශ්‍රද්ධාව අඩු වී ප්‍රඥාව වැඩී යනු ඇත.)


අරහත් ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ

1. ආර්යකාන්ත සීලය
2. ප්‍රඥාව සම්පූර්ණය.
3. ශ්‍රද්ධා විරහිතය. (තමා නිවන ලද නිසා විශේෂ ශ්‍රද්ධාවක් ඇති නොවේ.)
4. තෘෂ්ණා විරහිතය.
5. කිසිදා කෝප නොවේ.
6. මමත්වයෙන් තොරය.
7. අන්‍යයන් තමන් හා සැසදීමක් නොකරයි.
8. කිසිදු දුකක් නොදැනේ.
9. චතුරාර්ය සත්‍යය සම්පූර්ණයෙන් අවබෝධ කර ඇත.
10. සමාධිය සම්පූර්ණය.
11. තමන් නැවත නූපදින බව ප්‍රත්‍යක්ෂව දනී.
12. සත්‍යාවබෝධයෙන් පසු දින හතකට වඩා ගිහිගෙයි නොසිටියි.

මාර්ග ඵල ගැන සූත්‍ර පිටකයේ මෙසේ සඳහන්ය.

1. සෝවාන් වීම ඉතා පහසු බව.
2. ආර්යමාර්ගයට පැමිණි තැනැත්තා නිසැකවම ඵලයට ලඟා වේ.
3. නොසැලෙන විදර්ශනා සමාධියට පැමිණි අය මේ භවයේදී ම රහත් වීමට සුදුසුකම් ලබත්.
4. සතිපට්ඨාන භාවනාව නිරතුරැ වඩන අය නියත වශයෙන් ම වසර හතක් තුළ අනාගාමී හෝ රහත් වේ.
5. සියලු සංස්කාර අනිත්‍යයැයි කියා, කලකිරවන පරිදි විදර්ශනා වඩන අය මේ ජීවිතයේදී ම රහත් වෙත්.
by Daham Vila

බුද්ධ දේශනාවේ සඳහන් වන පිළිතුරැ නොසෙවිය යුතු අව්‍යාකෘත ප්‍රශ්න 10

1. ලෝකය සදාකල් පවතීද?
2. ලෝකය විනාශවීමෙන් පසු ලෝකයේ ජීවය අවසන් වේද?
3. විශ්වයේ කෙලවරක් ඇතිද?
4. විශ්වයේ කෙලවරක් නැතිද?
5. ජීවිතය හා ශරීරය යනු දෙකක්ද?
6. ජීවිතය හා ශරීරය යනු එකක්ද?
7. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු උපදීද?
8. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු නූපදීද?
9. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු ඉපදීමත් නුපදීමත් අතර තත්ත්වයක සිටීද?
10. බුදුන් වහන්සේ පිරිනිවනින් පසු ඉපදීමත් නුපදීමත් අතර තත්ත්වයක නොසිටීද?
by Daham Vila

බුදුසසුනේ ආශ්චර්ය කරැණු අට


මරණය ඉදිරියේ


ආර්ය මාර්ගයට ගැරහීමේ විපාක

ඇතැම්හු දැන හෝ නොදැන ආර්ය මාර්ගයට හා මගඵලලාභීන්ට ගරහමින් මහත් වූ පව් සිදු කරගනී. එහි විපාක ලෙස ඔවුහු ඉතා දීර්ඝ කාලයක් ආයු ඇත්තා වූ නිරයේ උපදිති*

පජ්ජුන්නධීතු සූත්‍රදේශනාවේ සඳහන් වන පරිදි ආර්ය ධර්මයට ගැරහීමේ විපාක ලෙස රෞරව නම් නිරයේ කල්ප ගණනක් දුක් විඳීමට සිදුවේ.

එසේ ම කෝකාලික සූත්‍රදේශනාවේ සඳහන් වන පරිදි අකුසල චෙතනාවෙන් ආර්යන්හට ගැරහීම නිසා අධික ශීතලක් ඇති පදුම නම් නිරයේ උපදී. 
මේ නිසා නුවන ඇති තැනැත්තා පවෙන් වැලකී කුසලයේ සිත යොමු කර සුගතිය පිණිස පින් රැස් කරයි.

පවෙන් වැලකෙන තැනැත්තාගේ සිත් හි ඇතිවන කුසල චෙතනා නිසා නිරායාසයෙන් ම කුසලයට නැඹුරැ වේ. එය ධර්මාවබෝධයට ඉමහත් පිටුවහලකි.


කර්මය හා සම්බන්ධ බුදුවරයකුට පමණක් අවබෝධ වන ප්‍රශ්න

1. ආනන්තරිය පාපකර්මයකට ගොදුරැවන්නා මරණින් මතු අනිවාර්යෙන් ම දුගතිගාමී වන්නේ ඇයි?

2. කාමයේ වරදවා හැසිරීමට අදාළ වැරදි සියල්ල ම හඳුනා ගැනීම දුෂ්කරය.

3. පාපයන් හි විපාක ඇසුරැ කරන්නන්ට විපාක දීම හෙවත් අනුන් කළ වරද වෙනත් අයකුට විපාක දීම.
by Daham Vila

බුදුවරැන්වහන්සේලාගේ තොරතුරැ


විශාල වීම සඳහා රෑපය මත ක්ලික් කරන්න


බුදුවරැන්වහන්සේලා

පිරිහීමට පිවිසෙන දොරටු





සිරිත් මල්දම


ළමයිනට හොඳ නරක කියා දෙන උපදේශක කාව්‍යයක් වන සිරිත් මල්දම ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් රචනා කැරිණි. හොඳ සිරිත් උගෙන එළොව මෙලොව කීර්තිය හා සම්පත් සඳහා මේ පොතේ උපදෙස් පිලිපදින්නැයි කතුවරයා කියයි.අද සිට එසැණ එහි කවි පළකරයි.......
  
01සැමට සෙත්වඩවන 
සිරිත් මල්දමබලමින
සිරිත් හොඳදැනගෙන
මහත් යසසිරි ලබනුදෙලොවින
02හොඳ නොහොඳදෙක මය
හොඳ නොහොඳඅයගෙන් මය
ගඳ සුවඳදෙක මය
ගඳ සුවඳ එමදෙයින්වනු මය
03නපුරු අයසමගින
මිතුරු නොමවන්කිසිතැන
රුදුරු නයි විසමෙන
ඇසුරු නොකරනු සොඳින්දැනගෙන
04තම නිවසටපැමිණි
සැම දෙනහට මකුලුණෙනි
කතා බස්කරමිනි
අසන් තොරතුරු සුදුසුවිදියෙනි
05ඇනුම් පදනොකියමි
බැනුම් කැත බස්නො කියමි
නිකම් බස්නො කියමි
තරම් පමණට වදන්තෙපලමි
06හිසකේ කැපීම
ඉන්න තැන කෙල ගැසුම
නියපොතු වකීම
අසුබ ලකුණුය සිතන් හැම ස
07සිනා හඬලීමෙන
කතා නොකරනුකිසි තැන
කවට බස්කියමින
උතුම් අය ළඟ කතානැත ගුණ
08කතා බස්කරමින
සිටින දෙදෙනකුඅතරෙන
ගමන නොහිබීයන
වසනු යහපති එබවදැනගෙන
09උරුවන් බබාවත්
සිව්පද කියා ගෙනවත්
සින්දු කියමින්වත්
ගෙවල් අසලින් යාමනොහොබින්
10යමෙකු යන එනවිට
සිනා නො ම සෙන් කිසිවිට
පැමිණි කලගෙදරට
එබී නොබලනු සැඟවී ගෙයිසිට
11යමක් නො ම ඇසූවිට
උත්තර නොදෙනුපරහට
නුඹෙන් ඇසූයමකට
දෙනුව උත්තර හොඳින්සිහිකොට
12ගුරුන් දෙගුරුන්වත්
වැඩිහිටි අන් කෙනකුවත්
කතාවක්කළහොත්
නැඟිට උත්තර දීමයහපත්
13මව් පියෝ උතුම්මය
අපගේ පෙර දෙවිවරුමය
අප රකිනුවෝමය
වඳිමු මව්පිය දෙදෙන මහිමය
14සියලූ යසඉසුරට
සරිලූ නිසි මගපෙම්කොට
බැබලූ පියරුවනට
සියලූ තන්හිම වඳිමුසිහිකොට
15ගියත් ගම්රටවල
මහත් දුක් ඇත සිතතුළ
වඩත් දරු පෙම්බල
අපිත් අප පිය වඳිමු හැමකල
16නොයෙක් කරදරවිද
සැපක් ගැනුමට නොමහිද
දුකක් දැරූ හැමසද
මවක් වැනි වෙන මෙ ලොව කවරෙ
17ලබන තුරු දසමස
දුකින් දැරුවත් දරුකුස
දකින තුරු තමඇස
කලණ මව්වරු වෙසෙත් සැපලෙස
18කුලූණු මෙත්වැඩුමෙන
එරුණු කිරි ටිකපොවමින
දරුණු දුකවිඳගෙන
තියුණු නුවණින් වැඩු පණමෙන
19බොලඳ බස්කියමින
සුවඳ මල් ලෙසඉඹිමින
ඇඟද තෙල්ගාමින
පැහැද මව්වරු වැඩු හැමදින
20බොජුන් දී රසකර
සොඳින් නාවා නිදිකර
පෙමින් සුරතල්කර
මවුන් වැඩු අපි වඳිමු හැමවර
21කිය නොහැකි දුකගෙන
වැඩූ අප මව් පියගුණ
බඹ සුර නාවිසින
කියා නිමවනු හැකිදකෙලෙසින
22මහලූ වීසිටියත්
රුවින් අඩු වීසිටියත්
දුප්පත්වසිටියත්
දෙමව්පිය වැඳ පුදනයහපත්
23දෙමව්පිය කීයම්
වැඩක් ඇතහොත් කළයම්
අත් නොහැර කරපෙම්
කරනු යහපති නොකරමැළිකම්
24දෙගුරුන්ඉදිරියේ
උසක නොයිඳිනුසරියේ
එන සඳඉදිරියේ
නැඟිට වැඳලා සිටිනුසරියේ
25වරද ඇති වූවිට
දඬුවම් දෙතී පෙම්කොට
එ ගැන මවු පියහට
තරහ නොවඩා යටත් වෙනුසිට
26මවුපියන්ගේගුණ
දැනෙයි නැතිවී ගියතැන
මෙලොව අඳුරක්වන
මහත් විපතක් වේය දුක්දෙන
27ඇත නැත තමවරද
පින් සිදු වෙන බැවින්සොඳ
උදෑසනසවස ද
වඳිමු මව්පිය දෙදෙන පෙම්බැඳ
28හැදෙන විදිපෙන්වන
නුවණ වඩවනසතරින
සරණ දෙලොවටවන
කලණ බස් දෙන කෙනෙකිගුරුතැන
29මෙලොව පරලොවගැන
යුතු බස් කියනකුලූණෙන
සරණ දෙලොවටවන
කලණ බස් දෙන කෙනෙකිගුරුතැන
30ගුරුන් දැක එනසඳ
තමන් උන් තැන නොමහිඳ
ගමන් පෙරටුවවැඳ
කරන් සැලකිලි අසුන් කරපුද

සදහම් සඟරා - Online