මොහොතින් මොහොත පරිසරය දූෂිත වන්නා සේ මිනිසාගේ සිතද දුෂිත වන ධර්මතාවයන් අති විශාල ප්‍රමාණයක් තිබේ. බුදුදහමේ මෙම ධර්මතාවයන් ලෙස හැඳින්වේ. අභිධර්මයේ මෙම කෙලෙස් හෙවත් කීලේශ උදාහරණයක් ලෙස දක්‌වන්නේ සිත පිරිසිදු ජලය නම් ක්‌ලේශ එම ජලය අපිරිසිදු කරන අපවිත්‍ර ද්‍රව්‍යයන් ලෙසටය. මෙම ක්‌ළේශ 1500 ක් පමණ ඇති බව සඳහන් වේ. මානය එම ක්‌ළේශවලින් එකකි. මානය එක්‌තරා ආකාරයක මත්වීමක් බව අභිධර්මයේ දැක්‌වේ. මත්පැන් පානය කළවිට ටික වේලාවකින් සිහිකල්පනාව නැතිවී අවසිහියක් ඇතිවේ. මෙයට අපි මතයයි කියන්නෙමු. මානයද සිත අවසිහි තත්ත්වයට පත්කරන බැවින් මතයකි. මෙහි ඇති වෙනස වන්නේ මත්පැනින් වන මතය තාවකාලික වන අතර මානය නිසා ඇතිවන මතය දිගු කලක් පවතින ස්‌ථිර සාර එකක් වීමය. සමානකමක් වන්නේ මෙම දෙකම තමාට මෙන්ම සමාජයටද අනර්ථකාරි වීම
යම් ස්‌වභාවයක් මත මම ශේ්‍රෂ්ඨය, උසස්‌ය, සමානය යන උඩඟුකම මානය ලෙස හැඳින්වේ. අර්ථකථායෙහි උම්මදොවිය දට්‌ඨබ්බෝ යනුවෙන් මානය උම්මාදයක් හෙවත් ඔල්මාදයකට සමානකර තිබේ. මානය යාථාව මානය හා අයථාව මානයෝ යනුවෙන් කොටස් දෙකකට වෙන්කර දැක්‌වේ. යථාව මානය සෙය්‍යමානය, සදිසිමානය, හීනමානය යනුවෙන් නැවත කොටස් තුනකට බෙදා ඇත. අවථාවමානය ශේ්‍රෂඨ පුද්ගලයින්ට උපදින්නාවූ සදිසිමානය හා හීනමානය සදෘෂ පුද්ගලයින්ට උපදින්නාවූ සදිසිමානය හා හීනමානය හීන පුද්ගලයින්ට උපදින්නාවූ සදිසිමානය හා හීනමානය යන කොටස් 9 ට බෙදේ. ඒ අනුව මානය කොටස් 12 කට වර්ගීකරණය වේ. ධර්මයේ මෙය සවිස්‌තර වන්නේ මෙසේය
1.මම උත්තමයෙක්‌මි, කාරණාකාරයෙක්‌මියි උපන් මානය සෙය්‍යමාන නම් වේ.
2. මම සමානයෙක්‌මි උපන් මානය සදිසි මාන නම් වේ.
3. මම හීනයෙක්‌මියි උපන් මානය හීනමානයයි.
4. උත්තමයන්ට මමද උත්තමයෙක්‌මියිs උපන් මානය සෙය්‍යස්‌ස සෙය්‍යමානයයි.
5. ඔහු උත්තමයෙක් වුවද මම ඔහු හා අසවල් කාරණාවලින් සමානයෙක්‌මියි උපන් මානය සෙය්‍යස්‌ස සදිසිsමානය නම් වේ.
6. ඔහු උත්තමයෙක් වෙයි. මම ඔහුට හීනයෙක්‌මි එහෙයින් ඔහුට නොබාමියි උපන් මානය සෙය්‍යස්‌ස හීනමානය නම් වේ.
7. මම ඔහු හා සමාන වුවද මම අසවල් කරුණුවලින් ඔහුට වඩා උත්තමයෙක්‌මියි උපන් මානය සෙයි්‍යස්‌ස සදිසිමානය නම් වේ.
8. ඔහු හා සමානයෙක් මමද ඔහු හා සමානයෙක්‌මියි උපන් මානය සදසිස්‌ස සදිසිමානය නම් වේ.
9. ඔහු හා සමාන වුවද මම ඔහුට අසවල් කාරණාවලින් හිනයෙයෙක්‌මියි උපන් මානය සදිස්‌ස හීනමානය වේ.
10. ඔහුට වඩා හීනයෙක් වුවද මම ඔහු හා අසවල් කරුණුවලින් සමානයෙක්‌මි උපන් මානය හිනස්‌ස සදිසිමානයයි.
11. ඔහුට හීනයෙක් වුවද මම ඔහුට අසවල් කරුණුවලිsන් උත්තමයෙක්‌මි උපන් මානය හිනස්‌ස සෙය්‍යමානය නම් වේ.
12 ඔහුත් හීනයෙක් වෙයි, මමත් හීනයෙක්‌මි යි උපන් මානය හිනස්‌ස හීනමානය නම් වේ.
යථාව මානය සම්පූර්ණයෙන් නැතිවන්නේ හෙවත් ප්‍රහීනවන්නේ රහත් භාවයට පත්වීමෙන් පමණි. අයථාව මානය සම්පූර්ණයෙන් නැතිවන්නේ හෙවත් ප්‍රහීන වන්නේ රහත් සෝවාන් ඵලයට පත්වීමෙන්ය. මානය අපායගාමී අකුසලයක් වන අතර මානයෙන් පිරුණු පුද්ගලයෝ මෝල් ගස් ගිලගත් පිඔqරන් සේ දරදඬු බව ධර්මයේ දැක්‌වේ.
මෙයට අමතරව අධිමානය නමින් හැඳින්වෙන මානයක් ඇත. තමා සෝවාන් සකෘදාගාමී, අනාගාමී යන මාර්ගඵලවලට පත්වී ඇතැයි යනුවෙන් ඇතිකරගෙන සිටින පුද්ගලයිනට ඇතිවන මෝහය අධිමානය ලෙස හැඳින්වේ. සෝවාන් මාර්ගඵලයට පැමිණ ඇති ආර්ය පුද්ගලයෙකුට හෝ තමා ඊට ඉහල මාර්ගඵලයට පත්ව ඇතැයි යන අධිමානය කිසි කලෙක ඇති නොවේ. එහෙත් මාර්ග ඵල ලැබීම සඳහා විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයකුට මග්ගාමග්න ඥාන දර්ශනයට පත්වූ අවස්‌ථාවක තමා සෝවාන් වී ඇතැයි යන හැඟීම ඇතිවිය හැක. එසේම සමහර යෝගාචරයන්ට තමා රහත් නොවීම රහත්වී ඇතැයි අධිමානය ඇතිවිය හැක. සිතුල්පව්වේ චුල්ලසුම්ම මාලිකවාසී මහානාග තෙරුන් වහන්සේලාද මෙම අධිමානයෙන් සිටි බව සඳහන් වේ. (රේරුකානේ මහානාහිමියන් විsසින් රචිත කෙළෙස් එක්‌දහස් පන්සිය පුස්‌තකයෙහි මෙම විස්‌තරය සඳහන් කර ඇත.)
අද අපේ සමාජයේද අධිමානයෙන් පිරිසක් සිටින බව පෙනී යයි. මේ සම්බන්ධ රසවත් කතාවක් ගෞරවනීය භික්‌ෂුන් වහන්සේ නමක් මෑතකදී පවසන ලදී. ඒ කථාව ඔබගේ දැනීම සඳහා පැවසීම සුදුසුයයි සිතමි. දිනක් ඉහත කී අප භික්‌ෂුන් වහන්සේ වෑන් රථයකික් එක්‌තරා භාවනා මධ්‍යස්‌ථානයක් අසලින් ගමන්කරමින් සිට ඇත. භාවනා මධ්‍යස්‌ථානයේ වැඩසටහන් අවසන් වී එන උපාසිකාවන් දෙදෙනෙක් වාහනයට අත දික්‌කර වාහනය නැවත්තූවිට කොහෙද යන්නෙ අපිත් දා ගෙන යන්න කියා අවසරවත් නොගෙන වාහනයට නැග ඇත. වාහනයට නැගගත් පසු උපාසිකාවන් දෙදෙනා තොර තෝංචියක් නොමැතිව උදේ සිට සවස්‌වන තූරු භාවනා මධ්‍යස්‌ථානයේ සිදුවූ සිදුවීම් අඩුපාඩු ඇද කුද හඬනගා කථාකරන්නට වූහ. සෑහෙන වෙලාවක් මේ සියල්aල නිශ්ශබ්දව අසා සිටි අප ස්‌වාමීන් වහන්සේ මේ නෝනා මහත්වරුන් දෙදෙනා කවුදැයි අසා ඇත. හාමුදුරුවනෙ මම සුමනා මම සෝවාන් වෙලා ඉන්නෙ. මේ විමලා මෑණියන් සකෘදාගාමී වෙලා ඉන්නෙ. අපි මේ භාවනා මධ්‍යස්‌ථානයෙ වැඩසටහනට සහභාගි වෙලා එන ගමන්. අපේ හාමුදුරුවන් තුෂ්ණිම්භූතයෙන් ඉවසා වදාරා ඇත. ඒ අධිමානයයි. අධිමානය අපාගත අකුසලයකි.
මානය අකසලයක් බව ඉහත දක්‌වන ලදී. එසේ අකුසලයක් වන්නේ මානය අකුසල චෛතසික 14 න් එකක් වන නිසාය. අනික් 13 වන්නේ මෝහය අහිරිකය (පව් කිරීමට ඇති ලඡ්ජාව), අනොප්තප්පය (පවට ඇති බිය), උද්දච්චය, දෘෂ්ඨිය, දෝසය, ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්‌කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්ඡාවය චෛතසිකයෙන් එකකි. අකුසල සිත් 12 න් 8 ක්‌ම ලෝභ මුල සිත්ය. මෙම සිත් 8 න් 4 ක්‌ම දිට්‌ඨිගත සම්ප්‍රයුක්‌ත සිත් හතරක්‌ම මානය නිසා ඉපදිය හැක. එනම් සෝමනස්‌ස සහගත දිට්‌ඨි සහගත සම්ප්‍රයුත්ත අසංකාරික හා සසංකාරික සිත උපේක්‌ෂා සහගත දිට්‌ඨි සහගත සම්ප්‍රයුත්ත අසංකාරික හා සසංකාරික සිත්ය. මේ අනුව මානය කෙතරම් ප්‍රබල අකුසලයක් දැයි වටහාගත හැකිය.
මානය වැඩිපුර ඇතිවන්නේ කාන්තාවන්ටය. යන්න බුදුදහමේ සෘජුවම සඳහන්ව නැතත් බුදුදහම හැදෑරීමේදී එසේ සඳහන් කිරීමට හේතු කාරණා බොහෝ ඇත. මානය ගැන සඳහන් වන කාන්තාවන් අතර ෙ€මා, රූපනන්දා, මාගන්දියා, ආදීන් සිටිනා අතර හික්‌ෂුන් වශයෙන් බොහෝවිට සඳහන් වන්නේ පිළින්ද වච්ච රහතන්වහන්සේය.
ෙ€මා - පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ දාස කුලයක උපත ලබා මෙහෙකාරකම් කරමින් සිටි ෙ€මා බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවිකාව වූ සුජාත තෙරණියන්ට රස කැවිලි තුනක් පූජා කොට ඉන් ලද සොම්නසින් තව තවත් දන් පිදීමට සිතා දුප්පත් බැවින් මුදල් නොමැතිව තම කෙස් වැටිය කපා විකු=ණා ඉන් ලද මුදලින් තෙරණියන්ට ප්‍රනීත දානයක් දෙන ලදී. පසුව තව තවත් පින් කිරීමෙන් කල්ප ගණනාවක් දෙව් මිනිස් සැප විඳ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ මගධ රට සාගල නම් රජ කුලයෙහි උපත ලැබුවාය. ඇය ඉතාම රූමත්ව සිරුර රන් පැහැයෙන් යුක්‌ත වූ බැවින් දෙමාපියෝ ඇයට ෙ€මා යයි නම් තැබීය. පසුව ඇය බිම්බිසාර රජුගේ බිසවක් වූවාය. බුදුරජාණන් වහන්සේ රූපය වර්ණනා නොකරමින් රූපයේ අනිත්‍ය භාවය දේශනා කරන බැවින් ෙ€මා රූමත්කම ගැන උපන් මානයෙන්, බුදුන් හමුවට නොගියාය. බිම්බිසාර රජතුමා කෙතරම් උත්සාහ ගත්තද ඇය බුදුන් දැකීමට නොගියාය. පසුව රජතුමා උපායක් වශයෙන් ගායකයින් ලවා වේලුවනාරාමයේ විසිතුරු බව වර්ණනා කරවන ලදී. එය ඇසු ෙ€මා වේලුවනාරාමය නැරඹීමට ගොස් එය නරඹා බුදුන් හමුවට නොගොස්‌ම ආපසු ඒමට සැරසුණාය. මේ බව දන්නා රජතුමා කලින් සැලසුම්කර තිබූ අයුරින් සේවිකාවන් ඇය බලහත්කාරයෙන්ම බුදුරජාණන් වහන්සේ හමුවට රැගෙන ගියාය.
මේ වන විට ධර්ම දේශනාවක් කරමින් සිටි බුදුරජාණන් වහන්සේ මේ බව දැන ඉතාමත් රූමත් දිව්‍ය අප්සරාවක් මවා ඇය තමාට පවන් සලමින් සිටින ආකාරය ෙ€මාට පමණක් පෙනෙන්නට සලස්‌වන ලදී. මෙය දුටු ෙ€මා පුදුමයටත් ලඡ්ජාවටත් පත්වූවාය. ඇයගේ රූපශ්‍රීය ඉදිරියේ තමා වැඳිරියක් මෙනැයි ඇයට සිතුණාය. ඇයට තමාගේ මානය වැටහිණි. ෙ€මාට රූපයේ අනත්‍යතාවය වැටහිණි. බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කළසේක. ඒ ධර්මය අසා ඇය සෝවාන් වූවාය බුදුරජාණන් වහන්සේ ඇයට තව තවත් ධර්මය දේශනා කරද්දී ඈ සිව්පිළිසිඹියාවෙන් රහත්භාවයට පත්වූවාය. පසුව මාළිගාවට ගිය ඇය රජතුමාගේ අවසරය ලබා පැවිදි වුවාය. පසු කලකදී බුදුරජාණන් වහන්සේ ඇය ප්‍රඥාව වඩන භික්‌ෂුණින් අතරින් අගතැන් බවටත් අග්‍ර ශ්‍රාවිකාධුරයටත් පත්කළ සේක.
අභිරූප නන්දා තෙරණියද තම රූප මදයෙන් මත්වී මානයෙන් පත්ව සිටි කාන්තාවක් වූවාය. විපස්‌සී බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කළ රන් සෑය රුවනින් අලංකාර කරවීමේ පිනින් ඇය ඉතාමත් රූප සම්පන්න කාන්තාවක් වූවාය. එහෙත් අවාසනාවකට ඇගේ විවාහ දිනයේදීම ඇය විවාහ වීමට සිටි පෙම්වතා මිය ගියේය. දෙමාපියෝ ඇය නොකමැත්තෙන්ම මහණ කළෝය. එහෙත් ඇයගේ රූපය පිළිබඳ මානය අඩු නොවීය. බුදුරජාණන් වහන්සේ රූපය වර්ණනා නොකරමින් රූපයේ අනිත්‍ය භාවය දේශනා කරන බැවින් අභිරූප නන්දාද රූමත් කම ගැන උපන් මානයෙන් බුදුන් හමුවට නොගියාය. ඇයට බුදු උපදෙස් අවශ්‍යවූ විට ඇය මානයෙන් ඉදිමීs බුදුරජාණන් වහන්සේ හමුවට නොගොස් ඒ වෙනුවට වෙනත් භික්‌ෂුණින් වහන්සේ නමක් යවා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පුරුදුව සිටියාය. මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ යමෙකුට බුqදුරජාණන් වහන්සේගෙන් උපදෙස් අවශ්‍ය විට ඒ පුද්ගලයාම පැමිණිය යුතු යෑයි විනය නීතියක් පනවන ලදී. එම නිසා රූප නන්දාටද වරක් බුදුරජාණන් වහන්සේ හමුවට යැමට සිදුවිය. ඇය ගැන දන්නා ෙ€මා ට මෙන්ම ඉතාමත් රූමත් දිව්‍ය අප්සරාවක් මවා ඇය තමාට පවන් සලමින් සිටින ආකාරය ෙ€මාට පමණක් පෙනෙන්නට සැලස්‌සුවාය. මෙය දුටු ෙ€මා පුදුමයටත් ලඡ්ජාවටත් පත්වූවාය. ඇයගේ රූපශ්‍රීය ඉදිරියේ තමා වැඳිරියක් මෙනැයි ඇයට සිතුණාය. ඇයට තමාගේ මානය වැටහිණි. බුදුරජාණන් වහන්සේ ක්‍රමයෙන් පවන් සලමින් සිටියදීම ටිකෙන් ටික මහළු වයසට ජරාවට පත්වීමට සැලස්‌වූවාය. අභිරූප නන්දා ඉදිරියේම ඇය මහලුවූවාය. ඇයට රූපයේ අනිත්‍යතාව වැටහිණි. බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කළසේක. ඒ ධර්මය අසා ඇය රහත් වූවාය.
සුන්දරි නන්දා හෙවත් ජනපද කල්‍යාණි
සුන්දරි නන්දා ජනපද කල්‍යාණි නමින්ද හැඳින්වූයේද නන්දා තෙරණියයි. ඉතාත්ම රූමත් කාන්තාවක් බැවින් රුප නන්දා නමින්ද හැඳින්විය. රූපශ්‍රීයෙන් ඇය දෙවැනි වූයෙ යශෝධරා දේවියට පමණි. ශාක්‍ය වංශිකයින් පැවිදි දිවියට ඇතුල්වීමේදී ඔවුන් ගිය මග යමින් අවබෝධය නිසා නොව ඥාතීන් පැවිදිවන නිසා ඇයද මහා ප්‍රජාපති දේවිය සමග පැවිදි දිවිsයට ඇතුළත් වූවාය. ඇයද බුදුරජාණන් වහන්සේ රූපය වර්ණනා නොකරමින්, රූපයේ අනිත්‍ය භාවය දේශනා කරන බැවින් රූමත්කම ගැන උපන් මානයෙන් බුදුන් හමුවීමෙන් වැළකී සිටියාය. පසුව ෙ€මා සහ අභිරූප නන්දා මෙන්ම බුදුන් හමුවේ ධර්මය අසා රහත් වූවාය. මේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ මාන්නයෙන් ඔදවැඩී සිටි කාන්තාවන්ගෙන් කිහිප දෙනකි.
සත්වයා කාම රුප අරූප යන තුන් භවයන්ට බැඳ තබන බැමි දහයක් බුදරජාණන් වහන්සේ දේශනා කර තිබේ. මේවා දස සංයෝජන ලෙස හැඳින්වේ. මානය දස සංයෝජන දහයෙන් එකකි. මෙයින් මානය කෙතරම් අපව සංසාරයේ බැඳ තබා නිවන් මග අහුරාලන්නේද යන්න තේරුම්ගත හැක. එම නිසා එයින් මිදීමට අප නිරතුරුවම සිහිතබා ගත යුතුය.
වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
විශ්‍රාමලත්
නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤