ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ආර්ය මාර්ගයට ගැරහීමේ විපාක

ඇතැම්හු දැන හෝ නොදැන ආර්ය මාර්ගයට හා මගඵලලාභීන්ට ගරහමින් මහත් වූ පව් සිදු කරගනී. එහි විපාක ලෙස ඔවුහු ඉතා දීර්ඝ කාලයක් ආයු ඇත්තා වූ නිරයේ උපදිති*

පජ්ජුන්නධීතු සූත්‍රදේශනාවේ සඳහන් වන පරිදි ආර්ය ධර්මයට ගැරහීමේ විපාක ලෙස රෞරව නම් නිරයේ කල්ප ගණනක් දුක් විඳීමට සිදුවේ.

එසේ ම කෝකාලික සූත්‍රදේශනාවේ සඳහන් වන පරිදි අකුසල චෙතනාවෙන් ආර්යන්හට ගැරහීම නිසා අධික ශීතලක් ඇති පදුම නම් නිරයේ උපදී. 
මේ නිසා නුවන ඇති තැනැත්තා පවෙන් වැලකී කුසලයේ සිත යොමු කර සුගතිය පිණිස පින් රැස් කරයි.

පවෙන් වැලකෙන තැනැත්තාගේ සිත් හි ඇතිවන කුසල චෙතනා නිසා නිරායාසයෙන් ම කුසලයට නැඹුරැ වේ. එය ධර්මාවබෝධයට ඉමහත් පිටුවහලකි.


කර්මය හා සම්බන්ධ බුදුවරයකුට පමණක් අවබෝධ වන ප්‍රශ්න

1. ආනන්තරිය පාපකර්මයකට ගොදුරැවන්නා මරණින් මතු අනිවාර්යෙන් ම දුගතිගාමී වන්නේ ඇයි?

2. කාමයේ වරදවා හැසිරීමට අදාළ වැරදි සියල්ල ම හඳුනා ගැනීම දුෂ්කරය.

3. පාපයන් හි විපාක ඇසුරැ කරන්නන්ට විපාක දීම හෙවත් අනුන් කළ වරද වෙනත් අයකුට විපාක දීම.
by Daham Vila
සදහම් සඟරා - Online