මගඵල ලැබීමට භාවනාව මිස වෙනත් මඟක් නැතය යන්න පසුකාලීනව ඇති වූ දුර්මතයකි. ධර්මය ඇසීම නිසා සෝවාන් වූ බොහෝ දෙනෙක් එතැනට පත්වූයේ
1. ධර්මය අසා සැක දුරැ කර ගැනීම.
2. තෙරැවන ගැන අචල සද්ධාවක් ඇති කර ගැනීම.
3. සියල්ල අනිත්‍ය බව අවබෝධයෙන් දැන ගැනීම.
4. සියල්ල ඇතිවී නැතිවී යන බව අවබෝධ කර ගැනීම ආදී හේතූන් නිසා ය.
සෝවාන් ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ
1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොසැලෙන භක්තිය.
2. ධර්මය කෙරෙහි නොසැලෙන භක්තිය.
3. මගඵල ලාභී ශ්‍රාවක සඟරුවන කෙරෙහි නොසැලෙන භක්තිය.
4. ආර්යකාන්ත සීලය.
පුරාතන ඉන්දියාවේ ආගමික පසුබිම හා බුදුදහම, සෝතාපත්ති ඵලය හෙවත් සෝවාන් ඵලය
සකෘදාගාමී ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ
1. සෝවාන් ඵලයට පත් උතුමන් සතු සියළු ලක්ෂණ ඇත.
2. සමාධිය තරමක් වැඩී ඇත.
3. ප්‍රඥාව තරමක් වැඩී ඇත.
4. කාමයට ඇති ආශාව අඩු වී ඇත.
5. කෝපය අඩු වී ඇත.
6. ශ්‍රද්ධාව අඩු වී ඇත. (නිවනට ලං වෙත්ම ශ්‍රද්ධාව අඩු වී ප්‍රඥාව වැඩී යනු ඇත.)
අනාගාමී ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ
1. සෝවාන් ඵලයට සහ සකෘදාගාමී ඵලයට පත් උතුමන් සතු සියළු ලක්ෂණ ඇත.
2. සමාධිය හොඳින් වැඩී ඇත.
3. ප්‍රඥාව හොඳින් වැඩී ඇත.
4. කාමයට ඇති ආශාව නැත.
5. කෝපය හට නොගනී.
6. ශ්‍රද්ධාව තවත් අඩු වී ඇත. (නිවනට ලං වෙත්ම ශ්‍රද්ධාව අඩු වී ප්‍රඥාව වැඩී යනු ඇත.)
අරහත් ඵලයට පත් උතුමෙකුගේ ලක්ෂණ
1. ආර්යකාන්ත සීලය
2. ප්‍රඥාව සම්පූර්ණය.
3. ශ්‍රද්ධා විරහිතය. (තමා නිවන ලද නිසා විශේෂ ශ්‍රද්ධාවක් ඇති නොවේ.)
4. තෘෂ්ණා විරහිතය.
5. කිසිදා කෝප නොවේ.
6. මමත්වයෙන් තොරය.
7. අන්‍යයන් තමන් හා සැසදීමක් නොකරයි.
8. කිසිදු දුකක් නොදැනේ.
9. චතුරාර්ය සත්‍යය සම්පූර්ණයෙන් අවබෝධ කර ඇත.
10. සමාධිය සම්පූර්ණය.
11. තමන් නැවත නූපදින බව ප්‍රත්‍යක්ෂව දනී.
12. සත්‍යාවබෝධයෙන් පසු දින හතකට වඩා ගිහිගෙයි නොසිටියි.
මාර්ග ඵල ගැන සූත්‍ර පිටකයේ මෙසේ සඳහන්ය.
1. සෝවාන් වීම ඉතා පහසු බව.
2. ආර්යමාර්ගයට පැමිණි තැනැත්තා නිසැකවම ඵලයට ලඟා වේ.
3. නොසැලෙන විදර්ශනා සමාධියට පැමිණි අය මේ භවයේදී ම රහත් වීමට සුදුසුකම් ලබත්.
4. සතිපට්ඨාන භාවනාව නිරතුරැ වඩන අය නියත වශයෙන් ම වසර හතක් තුළ අනාගාමී හෝ රහත් වේ.
5. සියලු සංස්කාර අනිත්‍යයැයි කියා, කලකිරවන පරිදි විදර්ශනා වඩන අය මේ ජීවිතයේදී ම රහත් වෙත්.
by Daham Vila