
by Daham Vila
යමෙකුට නිර්වානය සඳහා කැමැත්ත ඇති වීම පෙර පින ඵලදීමකි෴
නමෝ බුද්ධාය !
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...
කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...
01 | සැමට සෙත් | වඩවන |
සිරිත් මල්දම | බලමින | |
සිරිත් හොඳ | දැනගෙන | |
මහත් යසසිරි ලබනු | දෙලොවින | |
02 | හොඳ නොහොඳ | දෙක මය |
හොඳ නොහොඳ | අයගෙන් මය | |
ගඳ සුවඳ | දෙක මය | |
ගඳ සුවඳ එම | දෙයින්වනු මය | |
03 | නපුරු අය | සමගින |
මිතුරු නොමවන් | කිසිතැන | |
රුදුරු නයි විස | මෙන | |
ඇසුරු නොකරනු සොඳින් | දැනගෙන | |
04 | තම නිවසට | පැමිණි |
සැම දෙනහට ම | කුලුණෙනි | |
කතා බස් | කරමිනි | |
අසන් තොරතුරු සුදුසු | විදියෙනි | |
05 | ඇනුම් පද | නොකියමි |
බැනුම් කැත බස් | නො කියමි | |
නිකම් බස් | නො කියමි | |
තරම් පමණට වදන් | තෙපලමි | |
06 | හිසකේ කැපීම | ද |
ඉන්න තැන කෙල ගැසුම | ද | |
නියපොතු වකීම | ද | |
අසුබ ලකුණුය සිතන් හැම ස | ඳ | |
07 | සිනා හඬ | ලීමෙන |
කතා නොකරනු | කිසි තැන | |
කවට බස් | කියමින | |
උතුම් අය ළඟ කතා | නැත ගුණ | |
08 | කතා බස් | කරමින |
සිටින දෙදෙනකු | අතරෙන | |
ගමන නොහිබී | යන | |
වසනු යහපති එබව | දැනගෙන | |
09 | උරුවන් බබා | වත් |
සිව්පද කියා ගෙන | වත් | |
සින්දු කියමින් | වත් | |
ගෙවල් අසලින් යාම | නොහොබින් | |
10 | යමෙකු යන එන | විට |
සිනා නො ම සෙන් කිසි | විට | |
පැමිණි කල | ගෙදරට | |
එබී නොබලනු සැඟවී ගෙයි | සිට | |
11 | යමක් නො ම ඇසූ | විට |
උත්තර නොදෙනු | පරහට | |
නුඹෙන් ඇසූ | යමකට | |
දෙනුව උත්තර හොඳින් | සිහිකොට | |
12 | ගුරුන් දෙගුරුන් | වත් |
වැඩිහිටි අන් කෙනකු | වත් | |
කතාවක් | කළහොත් | |
නැඟිට උත්තර දීම | යහපත් | |
13 | මව් පියෝ උතුම් | මය |
අපගේ පෙර දෙවිවරු | මය | |
අප රකිනුවෝ | මය | |
වඳිමු මව්පිය දෙදෙන මහි | මය | |
14 | සියලූ යස | ඉසුරට |
සරිලූ නිසි මගපෙම් | කොට | |
බැබලූ පිය | රුවනට | |
සියලූ තන්හිම වඳිමු | සිහිකොට | |
15 | ගියත් ගම් | රටවල |
මහත් දුක් ඇත සිත | තුළ | |
වඩත් දරු පෙම් | බල | |
අපිත් අප පිය වඳිමු හැම | කල | |
16 | නොයෙක් කරදර | විද |
සැපක් ගැනුමට නොම | හිද | |
දුකක් දැරූ හැම | සද | |
මවක් වැනි වෙන මෙ ලොව කවරෙ | ද | |
17 | ලබන තුරු දස | මස |
දුකින් දැරුවත් දරු | කුස | |
දකින තුරු තම | ඇස | |
කලණ මව්වරු වෙසෙත් සැප | ලෙස | |
18 | කුලූණු මෙත් | වැඩුමෙන |
එරුණු කිරි ටික | පොවමින | |
දරුණු දුක | විඳගෙන | |
තියුණු නුවණින් වැඩු පණ | මෙන | |
19 | බොලඳ බස් | කියමින |
සුවඳ මල් ලෙස | ඉඹිමින | |
ඇඟද තෙල් | ගාමින | |
පැහැද මව්වරු වැඩු හැම | දින | |
20 | බොජුන් දී රස | කර |
සොඳින් නාවා නිදි | කර | |
පෙමින් සුරතල් | කර | |
මවුන් වැඩු අපි වඳිමු හැම | වර | |
21 | කිය නොහැකි දුක | ගෙන |
වැඩූ අප මව් පිය | ගුණ | |
බඹ සුර නා | විසින | |
කියා නිමවනු හැකිද | කෙලෙසින | |
22 | මහලූ වී | සිටියත් |
රුවින් අඩු වී | සිටියත් | |
දුප්පත්ව | සිටියත් | |
දෙමව්පිය වැඳ පුදන | යහපත් | |
23 | දෙමව්පිය කී | යම් |
වැඩක් ඇතහොත් කළ | යම් | |
අත් නොහැර කර | පෙම් | |
කරනු යහපති නොකර | මැළිකම් | |
24 | දෙගුරුන් | ඉදිරියේ |
උසක නොයිඳිනු | සරියේ | |
එන සඳ | ඉදිරියේ | |
නැඟිට වැඳලා සිටිනු | සරියේ | |
25 | වරද ඇති වූ | විට |
දඬුවම් දෙතී පෙම් | කොට | |
එ ගැන මවු පිය | හට | |
තරහ නොවඩා යටත් වෙනු | සිට | |
26 | මවුපියන්ගේ | ගුණ |
දැනෙයි නැතිවී ගිය | තැන | |
මෙලොව අඳුරක් | වන | |
මහත් විපතක් වේය දුක් | දෙන | |
27 | ඇත නැත තම | වරද |
පින් සිදු වෙන බැවින් | සොඳ | |
උදෑසන | සවස ද | |
වඳිමු මව්පිය දෙදෙන පෙම් | බැඳ | |
28 | හැදෙන විදි | පෙන්වන |
නුවණ වඩවන | සතරින | |
සරණ දෙලොවට | වන | |
කලණ බස් දෙන කෙනෙකි | ගුරුතැන | |
29 | මෙලොව පරලොව | ගැන |
යුතු බස් කියන | කුලූණෙන | |
සරණ දෙලොවට | වන | |
කලණ බස් දෙන කෙනෙකි | ගුරුතැන | |
30 | ගුරුන් දැක එන | සඳ |
තමන් උන් තැන නොම | හිඳ | |
ගමන් පෙරටුව | වැඳ | |
කරන් සැලකිලි අසුන් කර | පුද |