ඇතැම්හු දැන හෝ නොදැන ආර්ය මාර්ගයට හා මගඵලලාභීන්ට ගරහමින් මහත් වූ පව් සිදු කරගනී. එහි විපාක ලෙස ඔවුහු ඉතා දීර්ඝ කාලයක් ආයු ඇත්තා වූ නිරයේ උපදිති*. පවෙන් වැලකෙන තැනැත්තාගේ සිත් හි ඇතිවන කුසල චෙතනා නිසා නිරායාසයෙන් ම කුසලයට නැඹුරැ වේ. එය ධර්මාවබෝධයට ඉමහත් පිටුවහලකි.
කර්මය හා සම්බන්ධ බුදුවරයකුට පමණක් අවබෝධ වන ප්‍රශ්න
1. ආනන්තරිය පාපකර්මයකට ගොදුරැවන්නා මරණින් මතු අනිවාර්යෙන් ම දුගතිගාමී වන්නේ ඇයි?
2. කාමයේ වරදවා හැසිරීමට අදාළ වැරදි සියල්ල ම හඳුනා ගැනීම දුෂ්කරය.
3. පාපයන් හි විපාක ඇසුරැ කරන්නන්ට විපාක දීම හෙවත් අනුන් කළ වරද වෙනත් අයකුට විපාක දීම.
by Daham Vila
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......







