
ඇතැම් දෙනෙක්ට බුදුදහමෙන් පෙන්වාදෙන අනිත්‍ය පැහැදිළිව තේරැම් ගැනීමට නොහැකි වී ඇත්තේ ණුවනින් ඒ ගැන විමසා බලන්නට උත්සාහ නොකරන බැවිනි. නැතහොත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය තමා තුළින් හෝ අවට ලෝකය තුළින් විමසා නොබලන නිසාය.
ඔබ ඔබේ කුඩා කාලයත් වර්තමානයත් අතර සිදුවී ඇති ඔබේ කායික වෙනස්කම දෙස බලන්න. කාලයත් සමඟ සිදුවී ඇති සියළු වෙනස්කම් එම කාලයෙන් බෙදන්නට හැකිනම් වසරකට මෙන්න මේ තරමේ වෙනසක් සිදුවී ඇතැයි දළ අදහසක් ගන්නට පුළුවනි. වසරකට ලැබුන අගය මාස, දින, පැය, විනාඩි ආදී වශයෙන් තව තවත් බෙදනවිට ඔබටම වැටහේවි ගෙවෙන සෑම තත්පරයකදීම පමණක් නොව තත්පරයකින් ඉතා සූක්ෂම අවස්ථාවකදී පවා අප වෙනසකට භාජනය වන බව. යම් වෙනසක් ඇති වෙයිද ඒ සැනින් එය වෙනස් වී වෙනෙකක් බවට පත් වේ. එසේ නම් ඔබ අප සියළු දෙනා නිරන්තරයෙන්ම ඇතිවී ඒ ක්ෂණයෙන් නැතිවී යන ස්වභාවයෙන් යුක්ත බව වැටහෙනු ඇත....
මේ ශරීරයත් අවට ලෝකයේ සියල්ලත් මේ ආකාරයෙන් ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යමින් පවතී. මේ නිසා ලෝකයේ කිසිවක් ස්ථිර නොවන බවත් යමක් වෙනස් නොවී පවතින්නේ යැයි අපට පෙණෙන දේ සැබෑවක් නොවන මායාවක් බවත් ඉතා සියුම් ලෙස සිදුවන්නා වූ වෙනස්කම් දැක ගන්නට තරම් ඇසට හැකියාවක් නැති නිසා අනිත්‍ය ස්වභාවය නොවැටහෙන බවත් මැනවින් විද්‍යමාන වේ.
මේ නිසා කිසිවක් ස්ථිර නොවන නිසා අනිත්‍යයැයි ද එසේ වෙනස් වීම දුඛයැයි ද තමන්ට එය වෙනස් කළ නොහැකි නිසා එනම් තමා වසගයේ නොපවතින නිසා අනාත්මයැයි ද කියයි. ණුවනින් විමසා බලන්න.... දැන් ඔබට තේරෙනවාද මමය මාය මගේය කියා කිසිවක් නැති බව.....?
ධර්ම දේශනය
by Daham Vila