ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ධර්මයෙන් තොර විසඳුමක් නැත

අතීතයේ කලා වූ පවෙන් මිදී සුගතියේ ඉපිද සසරෙන් මිදෙන්න ඇති අවස්ථාව වටහා ගැනීමට මෙය හොඳම අවස්ථාවයි. දුගතියෙන් මිදී සුගතියට යෑම පිණිස ඔබ උත්සාහවන්ත වීමට නිවැරදි මාර්ගය ධර්මයේ හැසිරීමෙන් පාදා ගන්න. ඒ සඳහා අවසන් මොහොත තෙක් කුසලයේ යෙදීමෙන් පෙර කලා වූ කුසලයන්ද සමඟ සුගතියේ ඉපදීමට හේතු ලෙස විපාක දේ. එබැවින් ඔබට සුගතියේ ඉපදීමට ධර්මයෙන් තොර විසඳුමක් නැත. පව් කලා වූ පුද්ගයා ඒ ගැන සිතමින් කල් ගෙවනවා වෙනුවට එයින් මිදී සුගතියට යෑම පිණිස අකුසලයෙන් ඈත්ව කුසලයේ යෙදෙන්න. කුසලයේ යෙදී තිබියදීත් දුගතියේ ඉපදීමෙන්  වැලකීමට අවසන් මොහොත තෙක් කුසල් සිතින් පසුවන්න.  දුගතියේ නූපදීම පිණිස නුවනින් කටයුතු කරන්න.
by Daham Vila

සැමදා විද්‍යමාන නිවන් මඟ යන්නේ මෙසේයි

ඔබට බෞද්ධයකු වශයෙන් ලැබිය හැකි උතුම් ම ඵලය වූ නිර්වානය සාක්ෂාත් කර ගැනීමට නිසි මඟ මෙයයි. පෙර ඔබ පුරැදු කළ දහම් මඟ යළිත් යන්නට හෝ මෙතෙක් ඔබ උත්සාහ නොකළ එම ධර්ම මාර්ගයේ යන්නට තවත් කල් නොදමන්න. එම ධර්ම මාර්ගයෙන් ඔබට ලගා කරගත හැකි ප්‍රතිඵලය අසම සම වේ. අති දුර්ලභ මේ අවස්ථාව ලබන්නට ඔබ සිදු කර ඇති පින ද අසම සම වේ. මේ නිසා ඔබ නුවනින් සිතා බුද්ධිමත්ව වර්තමානයේ ක්‍රියා කරයිද ඔබ මෙලොව වෙසෙන වාසනාවන්තම පිරිස අතර සිටින අති දුර්ලභ පුණ්‍යවන්තයෙකි. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිතයට පුරැදු කළ යුතු පින් සිතුවිළි පසකි.
1. ශ්‍රද්ධාව 
2. සීලය
3. ශ්‍රත
4. ඡාග - දානය
5. ප්‍රඥා
මෙයින් රැස් කරන කුසලයෙන් ඔබට ඔබ කැමති දිව්‍ය - බ්‍රහ්ම ලෝකයක හෝ මේ මනුලොව ඉපිද ඔබට සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ ධර්ම මාර්ගය සම්පූර්ණ කර ගැනීමට මහඟු ඉඩක් ඇත.
by Daham Vila

දහම් පර්යේෂණය

රම්භයේ දී දුෂ්කර වුවත් ඇලීම් ගැටීම්වල නිසරැබව නුවනින් හඳුනාගෙන නිවැරදිමඟ අනුගමනය කිරීමේ දී එම මඟ පහසුය, සැහැල්ලුය, සැනසුම්දායකය. මතු නිවනට මාර්ගය ද වේ.

මමය, මාය, මගේය යන්නෙන් මිදෙන්න.

තමන්ගේ ක්‍රියා කලාපය නිසා සතෙක් මරණවා නම් සහ තමන්ගේ ක්‍රියා කලාපය නිසා සතෙක් මැරෙණවා නම් ඉන් මිදෙන්න උත්සාහකරන උතුමන් හඳුනාගන්න. එය ඔබේ මතු නිවන් මඟට පිටුවහලකි.


තම තමන් මනසින් සිතා හරයක් නැති ලෝකය තුළ හීන දහම් හඳුනාගෙන ඉන් මිදී ප්‍රණීත දහම් පුහුණු කර නිවන් මඟ අනුගමනය කරන්න. වීර්යෙන් සිහියෙන් උත්සාහ කරන්න.

හීන දහම්      -     දස අකුසල් කරයි නම්, කරවනවා නම්, අනුබල දෙයි නම් ඒවා හීන දහම් වේ.

මධ්‍යම දහම්  -     ජීවිත පැවැත්මට අත්‍යාවශ්‍ය ක්‍රියා, යුතුකම්, වගකීම්.

ප්‍රණීත දහම්   -     අනිසි ලෝකයේ රාග, ද්වේශ, මෝහ දුරැ කරන ආර්ය මඟ.

දහම් දෙසුම (පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ)
by Daham Vila

නියත මිත්‍යා දෘෂ්ථීය


ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ  මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත. මේ නිසා ඔබ ලද වටිනා  මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගන්න. 


නියත මිත්‍යා දෘෂ්ථි
නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදීම මියයෑම පිළි ගැනීම.

නියත මිත්‍යා දෘෂ්ථිය
නුවනින් නිවැරදි මඟ දැනගන්න

by Daham Vila

රහතන් වහන්සේලා

බුදුන්රජානන්වහන්සේගේ බුද්ධ දේශනා අකාලිකය. ඵල සහිතය. මේ නිසා සෑම කල්හිම අවබෝධය පිණිස බුද්ධ දේශනා විවෘතය. අවශ්‍ය වන්නේ ඒ මඟ ගමන් ගන්නන්ය. මේ නිසා ධර්මය අනාවෘතව ඇති තාක්කල් එහි ගමන් කිරීමට පුද්ගලයින්  සිටී නම් මගඵලලාභීන්ගෙන් හිස් නොවේ. මෙහි ඇති වැදගත් ම කරැණ වන්නේ මාර්ගඵල ලැබූ උතුමෙක් එය තැන තැන කිය කියා නොයෑමයි. මගඵල ලැබූ විටදි තමන් ලබාගන්නා ලද ප්‍රතිඵලය ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කරනු විනා නිස්සාර සසරේ නොඇලෙයි. සියළු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේලා තවත් කෙනෙකුගේ ධර්මය කෙරේ පැහැදීම ඇති කරවනු පිණිස හැර කිසිවිට ඒ ගැන හෙළි නොකරයි. මේ නිසා අවශ්‍ය වන්නේ රහතුන් සොය සොයා කාලය වැය නොකොට තමන් ලද වාසනාවන්ත මිනිස් දිවිය අවසන් වන්නට පෙර නිවන් මඟ ගමන් කිරීමයි. එමඟින් ඔබට සසර ගමන කෙටිකර ගැනීමට වගේ ම සතර අපායෙන් මිදීමට උපකාර වේ. යම්ලෙසකින් කිසියම් හෝ ඵලයක් ලබන්නට මේ භවයේදී  ඔබට නොහැකි වුවහොත් මතු භවයක් සදහා එය උපනිෂය වේ. එබැවින් ඔබේ උත්සාහය කිසිවිට අපතේ නොයයි.
by Daham Vila
සදහම් සඟරා - Online