යමෙකුට නිර්වානය සඳහා කැමැත්ත ඇති වීම පෙර පින ඵලදීමකි෴
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...

ඇත් පියවර උපමාවෙන් සත්‍යාවබෝධයට
මෛත්‍රියේ සිසිලස
විශ්වාසය මත නොරැඳෙන බෞද්ධකම
වියපත් වන දිවිමඟේ අභියෝගයට වෘද්ධතාව කළමනාකරණය පිළියමක් ද ?
ඒ ඒ සත්වයන්ගේ ශරීර තුළ ඇති වන්නා වූ පරිණාමය, දත් දිරායාම, හිසකෙස් (කළු) සුදු පැහැ ගැනීම, හම දුර්වර්ණය වීම, ජීවිතයේ අවසානය කරා ළඟාවීම සහ මානසික ශක්තිය මුහුකුරායැම (ඇතුළු) සියලුම දේ (ක්‍රියාදාමයෝ) මහණෙනි, ජීවිත පරිණාමය හෙවත් වැහැරීම ලෙස දැනගත යුතු වේ. බුදු දහමේ මිනිස් ජීවිතය හා බැඳී ප්රපංචයන් 'දුක්ඛ' යන වචනය තුළින් විවරණය කරන්නේ එය යථාවබෝධයෙන් දැනගැනීමට හා ඒ තුළින් ජනිත වන අවස්ථාවන් නිවැරැදිව කළමනාකරණය කොට ගෙන මුහුණදීමට පුද්ගලයන්ව පුරුදු පුහුණු කරලීමට ය. 'ජාති' යන්නෙන් දිවියේ ආරම්භය ද, 'මරණය' යන්නේ භෞතික කයෙහි නිමාව ද, උපත සහ විපත අතර පවතින ක්‍රියා සන්තතිය 'ජරා' යන්නෙන් හැඳින්වේ. 'ජරා' යන වචනය තුළ විපරිණාමය තේරුම ද අන්තර්ගත වේ. විටින් විට ඇතිවන වෙනස්වීම්, බලාපොරොත්තු සුන්වීම්, ප්‍රිය වස්තූන්ගෙන් සමුගැනීම, අප්‍රිය අවස්ථාවන්ට මුහුණදීම හා කායික මෙන්ම මානසික රෝගාබාධයන්ට ලක්වීම ආදී අනේකවිධ වූ කැමැති මෙන්ම අකැමැති දේ මෙම විපරිණාමය යන්නේ හඳුනාගත හැකි වේ. දුක්ඛ සංකල්පයේ පදගතාර්ථයට පරිබාහිරව එහි දාර්ශනික තේරුම වන්නේ දුක්ඛාන්තයෙන් ආරම්භ වන දිවි ගමන සුඛාන්තයකින් නිමා කරන්නට මඟ හෙළි පෙහෙලි කර ගැනීමට මඟ පෙන්නා දීමය.උපාලි ගෘහපතිගේ බුද්ධ ගුණ ශතකය
අනතුරුව බුදුන් වහන්සේ උපාලි ගෘහපතියාට දාන කතා, සීලකතාදී අනුපිළිවෙල කතාව වදාරා චතුරාර්ය සත්‍යය පිළිබඳ ධර්මය දේශනා කළහ. උපාලි ගෘහපති එම දේශනාව අසා සෝවාන් ඵලයට පත්විය. ඉන්පසු බුදුන් වැඳ අවසර ගෙන සිය නිවෙසට ගිය උපාලි ගෘහපති දොරටුපාලයා අමතා "අද පටන් මාගේ නිවෙසට නිගණ්ඨයන්ට ඇතුළුවීමට අවසර නොදෙව. යමක් අවශ්‍ය වී නම් , පිටත සිට දෙව. අද පටන් මාගේ නිවස බුදුරජාණන් වහන්සේටත්, භික්ෂු, භික්ෂුනී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට පමණක් දන්දෙනු ඇත. මා තුණුරුවන් සරණගිය බව මෙහි එන නිගණ්ඨයන්ට දන්වන්න යෑයිද නියම කළේය.සංසාරයටත් නිර්වාණයටත් මඟ සදන සිත
‘සිත’ කියන්නේ කුමකටද? එය නිවැරැදිව අවබෝධ කරගන්නේ කෙසේද? එහි ස්වභාවය, නියම ස්වරූපය කෙබඳුද? සිත හඳුනා ගන්නේ කෙසේද? සිත වැරැදි මඟක ගමන් කරනවා නම් එහි ප්‍රතිඵලය කුමක්ද? නිවැරැදි මගක ගමන් කරනවා නම් එහි ප්‍රතිඵලය කුමක් ද? දුර්වලතා හඳුනාගෙන නිවැරැදි මඟක ගමන් කරන්නේ කෙසේද? ආදි ලෙස විවිධ පැතිකඩවලින් සිත ගැන කළ දීර්ඝ විග්‍රහයක් බුදු දහමේ සඳහන්ය.නිවන් මඟට පමුණුවන ආර්ය මාර්ගය
ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්මය තුළ විවිධ නම්වලින් හඳුන්වයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී එය මැදුම් පිළිවෙත නමින් දක්වා තිබේ. සිත ඇලෙන සහ ගැටෙන අන්ත දෙකටම යොමු නොකොට මධ්‍යස්ථව පවත්වාගෙන යන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා එය මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළවෙත නමින් දක්වා තිබෙනවා. බුද්ධාදි ආර්යයන් විසින් පුරුදු කරනු ලබන ප්‍රතිපදාවක් වන බැවින්ද, ආර්යභාවයට පමුණුවාලන ප්‍රතිපදාවක් වන බැවින්ද, තණ්හාව නිසා හටගන්නා පඤ්චස්කන්ධයට ඇති උපාදාන දුක නැති කරන අංග අටකින් යුක්තවන බැවින්ද, උත්තම නිවන කරා පමුණුවාලන මාර්ගය වන බැවින්ද මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හඳුන්වනු ලබයි.ලොවට සැනසීමේ මඟ කියාදුන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ
එසේම යශෝධරා නම් සුරූපී කුමරිය සමඟ විවාහ ජීවිතයක් ගෙවමින් රාහුල නම් පුත් කුමරෙකු ද ලොවට සුජාත කළ පියෙකි. මෙබඳු පසුබිමක සිට සිද්ධාර්ථ කුමරුන් ගිහි ජීවිතය අතහැර යාම විශේෂ සිද්ධියකි. එය රාජකීය කුමරෙකු රජ පෙළපතෙන් සමුගැනීමක් විය. දිව්‍යාංගනාවක බඳු බිරිඳක හා පුත් කුමරෙකු අතහැර යාමේ ශෝකජනක සිදුවීමක් විය. සැප අතහැර දුක පිළිගැනීමේ තීරණාත්මක හා විප්ලවීය ක්‍රියාදාමයක් විය. මේ නිසා සිද්ධාර්ථ කුමරුන්ගේ අබිනික්මන යනු ලාමක ක්‍රියාවක් නොව අලාමක පුරුෂ ශ්‍රේෂ්ඨයෙකුගේ විශිෂ්ට කැප කිරීමකි. බුද්ධත්වය යනු සාමාන්‍ය ගිහි ජීවිතයට වඩා අසාමාන්‍ය ලෙස චරිත ලක්ෂණ හා ප්‍රඥාව විකසිත කිරීමෙන් ලද උත්තරීතර තත්වයකි. වරක් බුදුන් වහන්සේ තමන් කිසිඳු දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ නොවන බවත් මනුෂ්‍යයෙකු වන බවත් පැවසූහ. මේ නිසා තථාගතයන් වහන්සේ අප විසින් හඳුනාගත යුත්තේ මුනුෂ්යයෙකු හැටියටය. එහෙත් උත්තරීතර හා අසාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසය. කිසිඳු දේව බ්‍රහ්ම මාර යක්ෂ යනාදී කිසිවෙකුට අභියෝග කළ නොහැකි තරමේ හැකියාවන් සහිත වූ කෙනෙකි. බුද්ධ යන පාලි පදය සෑදී ඇත්තේ බුධ යන ධාතුවෙනි. එහි එක් තේරුමක් වන්නේ පිබිදීම යන්නයි. සැබැවින්ම නිදා සිටි භාරතීය ජනතාව අවදි කළ තැනැත්තා නම් බුදුරජාණන් වහන්සේය.













