තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කොතරම් නම් අසිරිමත් වූවක්ද? සියල්ලම සදාතනිකව අතහැර දැමීමෙන් ලත් අනන්ත ප්රඥව, අනන්ත කරුණාව, අනත්ත මෛත්‍රිය ආදී අහස පොළොව පවා නුහුලන ඒ මහා ගුණ කඳින්ම ඒ අමාමෑණියන් වහන්සේගේ ජීවන අසිරිය සැදුම් ලැබීය. අනවරාග්ර නැතහොත් අගක් මුලක් සෙවිය නොහැකි සාංසාරික ජීවිතයේ ඇති අති මහත්වූ භයංකාරත්වය පිළිබඳව උන්වහන්සේ සත්ව ජීවනය අවදි කළේද එම අසිරිමත් ගුණ සයුර නිසාමය.යමෙකුට නිර්වානය සඳහා කැමැත්ත ඇති වීම පෙර පින ඵලදීමකි෴
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...

ආශ්වාදයේ ආදීනවය සොයා තුච්ඡ සංසාර දුකින් මිදෙන්න
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කොතරම් නම් අසිරිමත් වූවක්ද? සියල්ලම සදාතනිකව අතහැර දැමීමෙන් ලත් අනන්ත ප්රඥව, අනන්ත කරුණාව, අනත්ත මෛත්‍රිය ආදී අහස පොළොව පවා නුහුලන ඒ මහා ගුණ කඳින්ම ඒ අමාමෑණියන් වහන්සේගේ ජීවන අසිරිය සැදුම් ලැබීය. අනවරාග්ර නැතහොත් අගක් මුලක් සෙවිය නොහැකි සාංසාරික ජීවිතයේ ඇති අති මහත්වූ භයංකාරත්වය පිළිබඳව උන්වහන්සේ සත්ව ජීවනය අවදි කළේද එම අසිරිමත් ගුණ සයුර නිසාමය.දුර්ලභ මිනිස් භවයෙන් අනුන්ට කඹුරනවාද?
උපෝසථ අෂ්ටාංගික ශීලය සමාදන් විය යුත්තේ ය
ලොව්තුරා තථාගතයන් වහන්සේ සත්වයා දුකින් දුකට පත්වන ආකාරය සහ දුකට පත්වන සත්වයා දුකින් මුදාලීමට අවශ්‍ය කාරනා දේශනා කොට වදාරන ලද්දේ තමන් වහන්සේ බුදු නුවණින් සත්‍ය වශයෙන්ම දැන ගැනීමෙන් අනතුරුවය. ලෙඩදුක් වීමෙන්, මරණයට පත්වීමෙන් අවශ්‍ය ප්‍රමාණයට ධනය නොලැබීමෙන්, වාසය කිරීමට සුදුසු නිවහනක් නොලැබීමෙන්, ඉෂ්ටවේ යයි සිතා සිටින දෑ ඉෂ්ඨ නොවීමෙන් මනුෂ්‍යයන් දුකට පත්ව සිටින අතර, මේ ආකාර දුකින් මිදීමට නොයෙකුත් ආකාරයේ පුද පූජා, කන්නලව් ආදියට බෞද්ධයන් යොමුවීම මේ වකවානුවේ දී සුලභව අසන්නට, දකින්නට ලැබෙන කරුණුය.එල්.ආර්. ආරියනන්ද
භාවනාව යනු කුමක්ද?
සමථ භාවනාව බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වන්නට බොහෝ පෙරදි භාරතය හෙවත් ඉන්දියාවේත් යවන ලෝකය හෙවත් ගී‍්‍රසියේත්, චීනයේත්, ඇතැම් බටහිර රටවලත් පැවතින. ථෙරවාද ධර්මයේ දැක්වෙන පරිදි සියලු භාවනා ක්‍රම සමථ සහ විදර්ශනා වශයෙන් කොටස් දෙකකට බෙදේ. සමථ භාවනා මගින් කෙලෙස් යටපත් වන අතර, ධ්‍යාන නමින් හැඳින්වෙන තහවුරු වූ සිත එකඟ බව ලබයි. කුසල සිතේ එකඟ බව මෙහි සමාධිය වේ. නමුත් විදර්ශනා භාවනාවෙන් කෙලෙසුන් යටපත්වීමද ස¼ිදීම ද එයින් නිර්වාණය අවබෝධ කිරීමද සිදුවේ. ඇතැමෙකුට භාවනා කිරීම දුෂ්කර දෙයක් වනු ඇත්තේ ඔවුන් භාවනාවේ දී අත්හැරීම සිදු කරන ආකාරය ඉගෙන නොමැති බැවිනි.බුදුන්වහන්සේ වදාළ දහම් මඟ
ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන්ද තිලොවග බුදුපියාණන් සැමරීම අප බුදුරදුන්ගේ 'අහරං' ගුණයට කරනු ලබන කදිම පූජෝපහාරයකි. මඡ්ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රය වාර්තා කරන අන්දමට එකල සිටි ජනතාව ගමන් කළ යුතු, ගමන් කරන මාවත බුදුරදුන් පළමුව අවබෝධ කරගත් සේක.. පංචකාම සම්පත් වින්දනය කරමින් අධික සැප සම්පත් විහරණය කරමින් කාමසුඛල්ලිකානුයෝගය බහුල වශයෙන් බොහෝ දෙනෙක් අනුගමනය කළහ. විමුක්තිය සොයමින් ක්‍රියා කළ තවත් පිරිසක් එකල විසූ කීර්තිමත් නිගන්ඨ, තාපස, පරිබ්‍රාජක ආදී පිරිසගේ මෙහෙයවීමෙන් ගතට සිතට අධික කටුක දුක් ගෙන දෙන විවිධ ව්රතවල, චර්යාවල නිරතවූ අතර, එය මූලික බුදුදහමේ 'අත්තකිලමථානුයෝගය' ලෙස අර්ථ දක්වා ඇත. මේවා සියල්ලම අන්තවාදී නිෂ්ඵල මාවත් ලෙස කල්පනා කළ ගෞතම බුදුරදුන් අන්තවලින් බැහැර මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළ යුතු බව දේශනා කළහ. විවිධ දෘෂ්ටිවලින් බැහැරව දාර්ශනික සිද්ධාන්ත ප්රත්යක්ෂ වන ලෙස කටයුතු කිරීම බුදුදහම අනුමත කර ඇත. (දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ) යන බුදුවදනින් එය ප්රත්යක්ෂ වේ. සීල, සමාධි, ප්‍රඥ යන ත්රිශික්ෂා කේන්ද්‍ර කරගත් බුදුදහම සීලයෙන් සමාධියටද, ඒ දෙකෙන්ම ප්‍ර්‍රඥවට අනුගත වෙමින් ආර්ය මාවතට ප්‍රවිෂ්ට විය යුතු අතර, සත්‍යය ඒ අයුරින් වටහා ගැනීම බෙහෙවින් අගය කළ සේක.









