අපට මොනතරම් සැපයක් කයට දැනුනත් එය යම් කිසි ස්වල්ප කාලයකට පමණක් බව ඔබ මොහොතකටවත් සිතුවාද...? ඔබට ඒ සැපය නිරන්තරයෙන් ම පවත්වා ගත නොහැකි බවත් සැපයක් කයට දැනුන පසු එය අවසන් වී දුකක් බවට පත් වේන බවත් ඔබ දැක තිබේද...? ඒ කෙසේද....? ඔබ පුටුවක සුව පහසු පරිදි වාඩිවී යම් වෙලාවකදී ඔබ සිටින ඉරියව්ව වෙනස්කර සුවපහසු වෙනත් ඉරියව්වකට මාරැවන අවස්ථාවක් හිතන්න.... එසේ වෙනස් කරන ලද ඉරියව්වද තවත් ස්වල්ප වෙලාවකින් නැවත වෙනස් කරන්නට සිදු වේ. මුලින් දැනුන සැපය යම් අවස්ථාවක ඇති වුනාද ඒ මොහොතේ පටන් ටිකෙන් ටික ඒ සැපය අඩුවෙමින් දුක වැඩිවෙන බව හොඳින් නිරික්ෂණය කළහොත් දැන ගැනීමට හැකිවේ. මේ ආකාරයෙන් නිදාගන්නා විටදි ඉරියව් මාරැකරන අවස්ථා, හිටගෙන සිටින විටදි දෙපා රිදෙන විට වාඩිවන අවස්ථාවක්, මෙසේ වාඩිවී සිටින විටකදි, ඇවිදින විටකදි .... වැනි විවිධ අවස්ථා වලදි සැප දුක වෙනස් වෙන බව ඔබට පැහැදිළි වෙනු ඇත. යම් ලෙසකින් ඒ සැපයක් ඇති නොවුනා නම් දුකක්ද ඇති නොවේ..... සැපයැයි අප ග්‍රහණය කරගන්නා සියල්ලේම කෙලවර කාලයත් සමඟ දුකක් ඇතිවන බව ඔබටම වැටහේවි. මේ ආකාරයෙන් ම අටලෝදහමින් දක්වන්නා වූ කීර්ති - ප්‍රසංසා, යස - අයස, ලාභ - අලාභ ආදියේ පවා මේ ලක්ෂණයන් දකින්න උත්සාහ කරන්න.
by Daham Vila
by Daham Vila

