අතීතයේ කලා වූ පවෙන් මිදී සුගතියේ ඉපිද සසරෙන් මිදෙන්න ඇති අවස්ථාව වටහා ගැනීමට මෙය හොඳම අවස්ථාවයි. දුගතියෙන් මිදී සුගතියට යෑම පිණිස ඔබ උත්සාහවන්ත වීමට නිවැරදි මාර්ගය ධර්මයේ හැසිරීමෙන් පාදා ගන්න. ඒ සඳහා අවසන් මොහොත තෙක් කුසලයේ යෙදීමෙන් පෙර කලා වූ කුසලයන්ද සමඟ සුගතියේ ඉපදීමට හේතු ලෙස විපාක දේ. එබැවින් ඔබට සුගතියේ ඉපදීමට ධර්මයෙන් තොර විසඳුමක් නැත. පව් කලා වූ පුද්ගයා ඒ ගැන සිතමින් කල් ගෙවනවා වෙනුවට එයින් මිදී සුගතියට යෑම පිණිස අකුසලයෙන් ඈත්ව කුසලයේ යෙදෙන්න. කුසලයේ යෙදී තිබියදීත් දුගතියේ ඉපදීමෙන් වැලකීමට අවසන් මොහොත තෙක් කුසල් සිතින් පසුවන්න. දුගතියේ නූපදීම පිණිස නුවනින් කටයුතු කරන්න.
by Daham Vila