සැදැහැති ඔබට ෴

සැමදා විද්‍යමාන නිවන් මඟ යන්නේ මෙසේයි

ඔබට බෞද්ධයකු වශයෙන් ලැබිය හැකි උතුම් ම ඵලය වූ නිර්වානය සාක්ෂාත් කර ගැනීමට නිසි මඟ මෙයයි. පෙර ඔබ පුරැදු කළ දහම් මඟ යළිත් යන්නට හෝ මෙතෙක් ඔබ උත්සාහ නොකළ එම ධර්ම මාර්ගයේ යන්නට තවත් කල් නොදමන්න. එම ධර්ම මාර්ගයෙන් ඔබට ලගා කරගත හැකි ප්‍රතිඵලය අසම සම වේ. අති දුර්ලභ මේ අවස්ථාව ලබන්නට ඔබ සිදු කර ඇති පින ද අසම සම වේ. මේ නිසා ඔබ නුවනින් සිතා බුද්ධිමත්ව වර්තමානයේ ක්‍රියා කරයිද ඔබ මෙලොව වෙසෙන වාසනාවන්තම පිරිස අතර සිටින අති දුර්ලභ පුණ්‍යවන්තයෙකි. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිතයට පුරැදු කළ යුතු පින් සිතුවිළි පසකි.
1. ශ්‍රද්ධාව 
2. සීලය
3. ශ්‍රත
4. ඡාග - දානය
5. ප්‍රඥා
මෙයින් රැස් කරන කුසලයෙන් ඔබට ඔබ කැමති දිව්‍ය - බ්‍රහ්ම ලෝකයක හෝ මේ මනුලොව ඉපිද ඔබට සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ ධර්ම මාර්ගය සම්පූර්ණ කර ගැනීමට මහඟු ඉඩක් ඇත.
by Daham Vila