බුදුන්රජානන්වහන්සේගේ බුද්ධ දේශනා අකාලිකය. ඵල සහිතය. මේ නිසා සෑම කල්හිම අවබෝධය පිණිස බුද්ධ දේශනා විවෘතය. අවශ්‍ය වන්නේ ඒ මඟ ගමන් ගන්නන්ය. මේ නිසා ධර්මය අනාවෘතව ඇති තාක්කල් එහි ගමන් කිරීමට පුද්ගලයින් සිටී නම් මගඵලලාභීන්ගෙන් හිස් නොවේ. මෙහි ඇති වැදගත් ම කරැණ වන්නේ මාර්ගඵල ලැබූ උතුමෙක් එය තැන තැන කිය කියා නොයෑමයි. මගඵල ලැබූ විටදි තමන් ලබාගන්නා ලද ප්‍රතිඵලය ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කරනු විනා නිස්සාර සසරේ නොඇලෙයි. සියළු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේලා තවත් කෙනෙකුගේ ධර්මය කෙරේ පැහැදීම ඇති කරවනු පිණිස හැර කිසිවිට ඒ ගැන හෙළි නොකරයි. මේ නිසා අවශ්‍ය වන්නේ රහතුන් සොය සොයා කාලය වැය නොකොට තමන් ලද වාසනාවන්ත මිනිස් දිවිය අවසන් වන්නට පෙර නිවන් මඟ ගමන් කිරීමයි. එමඟින් ඔබට සසර ගමන කෙටිකර ගැනීමට වගේ ම සතර අපායෙන් මිදීමට උපකාර වේ. යම්ලෙසකින් කිසියම් හෝ ඵලයක් ලබන්නට මේ භවයේදී ඔබට නොහැකි වුවහොත් මතු භවයක් සදහා එය උපනිෂය වේ. එබැවින් ඔබේ උත්සාහය කිසිවිට අපතේ නොයයි.
by Daham Vila
by Daham Vila
