1. කවරෙකුටවත් බුදුවරයන් වහන්සේලා ඝාතනය කළ නොහැක.
2. බුදු වන භවයේ දී බෝධිසත්වයෝ උපන් විගස පියවර කිහිපයක් ගමන් කරති.
3. බුදු වීමට විවරණ ලැබූ සියල්ලෝ ම සම්මා සම්බුදු හෝ පසේ බුදු වී සසර ගමන කෙලවර කරති.
හේතු ඉදිරිපත් කල නොහැකි සිදුවීම්
1. කිසිවිට එකම කාලවකවානුවක බුදුවරැන් දෙදෙනෙක් පහළ නොවෙති.
2. බුද්ධ ශාසනයක් පවතින තාක් පසේ බුදුවරැ පහළ නොවෙති.
3. බෝසතුන් ඉපිද සත් දිනෙන් මව මිය යයි.
4. බෝසතුන්ගේ මාතාව ඊලඟ භවයේ දී පිරිමි ආත්මයක් ලබයි.
5. බුදුන්වහන්සේ ප්‍රශ්න කරන ලදුව තෙවරක්ම පිළිතුරැ නොදුනේද ඔහුගේ හිස සත් කඩකට පැළෙයි.
6. බුදුන්වහන්සේගෙන් වැදුම් ලදොත් ඔහුගේ හිස සත් කඩකට පැළෙයි.
7. කිසිවෙක් ආනන්ද හිමියන් ඉදිරියේ උන්වහන්සේ දේශනා කරන ලද සද්ධර්මය අසද්ධර්මයැයි කිවහොත් ඔහුගේ හිස සත් කඩකට පැළෙයි.
8. රහත් වීමෙන් පසු දින හතකට වඩා ගිහිගෙයි නොසිට ගිහිගෙයින් නික්මෙයි. එක්කෝ පිරිනිවනි පායි.
9. සෝවාන් වූ උතුමන් මෙලොවට එන්නේ සත් වරක් පමණි. එම කාලය තුළ සසර දුක් කෙළවර නිවනට පත් වේ.
by Daham Vila
